May 06, 2024

'මහින්දට යළි ඉඩක් නෑ' - නලීන් බණ්ඩාර

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට යළි ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ නොලැබෙන බවත් ඔහුට අවශ්‍යය වී ඇත්තේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් පළි ගැනීමේ චේතනාව බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (01) සිරිකොත පැවති මාධ්‍ය හමුවකදී ය.

එහිදී අදහස් දක්වමින් ඔහු කියාසිටියේ සරත් ෆොන්සේකා මහතා එජාපය සමඟ එක්වීම පක්ෂයට හයියක් බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ බලවේගයට යළි මෙරට තුළ ඉඩක් නොලැබෙන බවත් එය ඉදිරි මැතිවරණයක දී සියල්ලන්ටම දැකබලා ගැනීමට හැකිවනු ඇති බවත් ය.

මේ අතර පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් පාරවල් හදන බව කියමින් ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් රුපියල් බිලියන 28ක් ණයට ගෙන එම මුදල් වෙනත් වැඩවලට යොදා ඇති බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියාසිටියේ එම මුදල් ලබාදුන්නේ කුමන ක්‍රමයකට ද, කවර ව්‍යාපෘති සඳහා ද යන්න පිළිබඳව ආර්ථික කමිටුවෙන් හා අග්‍රමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් පරීක්ෂණයක් සිදුවන බවයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 01 July 2016 16:31