May 08, 2024

ෆොන්සේකා එජාප සාමාජිකත්වය ලබයි (VIDEO)

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක, අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ දී මීට සුළු මොහොතකට පෙර පක්ෂ සමාජිකත්වය හිමිකර ගෙන තිබේ.

එමෙන්ම ඔහුට කැලණිය අසන සංවිධායක ධුරය ද හිමිව ඇති බව වර්තා වේ.

අද (30) දින සිරිකොත එජාප මූලස්ථානයේ දී පැවති මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වී ඇති අතර ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ද තවත් පක්ෂ සාමාජිකයින් පිරිසක් ද එක්ව තිබේ.

මෙහිදී අදහස් දැක්වූ සරත් ෆොන්සේකා මහතා 2010 සිට එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබාගන්නැයි වික්‍රමසිංහ මහතා තමාට ආරාධනා කළ බව සිහිපත් කළ අතර කැලණි ජනතාව හා තමාට සහයෝගය දක්වන සියලු දෙනා වෙනුවෙන් වැඩ කිරීමේ ශක්තිය එක්සත් ජාතික පක්ෂයට ලැබෙනු ඇති බවත් කියාසිටියේ ය.

Rate this item
(1 Vote)
Last modified on Friday, 01 July 2016 11:48