May 17, 2024

ෆොන්සේකා පත් කළොත් මහින්දට නඩු

February 07, 2016

එම්. කේ. ඒ. ඩී. එස්‌. ගුණවර්ධන මහතාගේ අභාවයෙන් පසු එම ස්ථානයට එක්‌සත් ජාතික පක්‍ෂ ජාතික ලැයිස්‌තු මන්ත්‍රී ධුරය එම පක්‍ෂයේ මහලේකම්වරයාගේ නිර්දේශය මත ඊළඟ සුදුස්‌සාට නොදී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට දෙන්නට එකඟ වුවහොත් මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතාට එරෙහිව නඩු පවරන බව ඒකාබද්ධ විපක්‍ෂය පවසා තිබේ.

සරත් ෆොන්සේකා මහතා එක්‌සත් ජාතික පක්‍ෂයෙන් එම මැතිවරණයට තරග නොකළ බවත් එම ජාතික ලැයිස්‌තුවේ ද ඔහුගේ නම නොමැති බවත් එවන් පසුබිමක ඔහුට එම මන්ත්‍රී ධුරය ලබාදීම නීතිවිරෝධී බවත් පවසන ඒකාබද්ධ විපක්‍ෂය සරත් ෆොන්සේකා මහතාගේ නාමයෝජනාව පිළිගැනීමට මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතාට ඇති එකම හේතුව දේශප්‍රිය මහතා හා ෆොන්සේකා මහතා අතර ඇති "ගමේකම හා නෑකුල ඥති සමාගමය" පමණක්‌ම බව ප්‍රකාශ කර තිබේ.

මෙසේ නීතිවිරෝධීව, රටේ පාර්ලිමේන්තු ක්‍රමයට වැරදි පූර්වාදර්ශයක්‌ සපයමින්, එජාප ලැයිස්‌තුවේ ඊළඟට සිටින දේශපාලනඥයාගේ වරප්‍රසාද කඩ කරමින් කටයුතු කර මෙම පත්වීම ස්‌ථිර කළහොත් කොමසාරිස්වරයාට එරෙහිව නඩු පැවරීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන තම කණ්‌ඩායම දැනටමත් සූදානම් කර ඇති බව ද ඔවුන් පවසයි.

Rate this item
(2 votes)
Last modified on Monday, 08 February 2016 10:03