May 11, 2024

ක්‍රිකට් ක්‍රීඩකයින් දිරිමත් කරන්න ෆොන්සේකාගෙන් මෙහෙයුමක්

February 19, 2016

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ව අභිප්‍රේරණය කිරීමේ සැසියක් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී පැවැතිණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතාගේ මඟ පෙන්වීම මත මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර ක්‍රීඩාවේ අභියෝග හා ඒවාට මුහුණ දෙන ආකාරය පිළිබඳව මෙහිදී කරුණු හුවමාරු වී තිබේ.

එහිදී අදහස් දැක්වූ සුමතිපාල මහතා කියාසිටියේ මිලියන 20ක ජනතාවගේ එකම බලාපොරොත්තුව ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම බවත්, ඒ සඳහා සුදුසුම කණ්ඩායම සහ නායකයා මේ වනවිට නම් කර ඇති බවත්  ය.

මෙම අවස්ථාවට ආසියානු හා ලෝක කුසලාන තරගාවලියට සහභාගිවන සියලුම ක්‍රීඩකයන් පැමිණ සිටි අතර, ඔවුන්ව දිරිගන්වමින්  සුමතිපාල මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් රටේ විශාල බලාපොරොත්තුවක් තියෙන ක්‍රීඩාවක ප්‍රයෝජනය ඔබ ගත යුතු වෙනවා. ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉන්න අයට වඩා ක්‍රීඩාව ගැන විශාල දැනුමක් ප්‍රේක්‍ෂයන්ට තියෙනවා. ඒ සියල්ලන්ගේ අහිංසක බලාපොරොත්තුව ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම. අපි මාලිංගත් එක්ක කථා කළා පරිපාලකයක් හැටියට අපි ඔහුව ශක්තිමත් කරන්න උපරිම සහයෝගය ලබාදෙනවා. නමුත් ඔයගොල්ලෝ සහෝදරයන් වගේ ක්‍රීඩා නොකළොත් කණ්ඩායමට අවශ්‍ය ශක්තිමත් පසුබිම හදන්න බැහැ යනුවෙන් සඳහන් කළේය.

Rate this item
(2 votes)
Last modified on Friday, 19 February 2016 13:17