April 27, 2024

96 ලෝක කුසලානය දිනන බව අර්ජුන තරඟාවලියටත් පෙර සිටම දැන සිටියා - සිදත් වෙත්තමුනි

1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කොට වසර 25 ක් සපිරෙන මේ මොහොතේ එම තරගාවලිය පිළිබඳ බොහෝ දෙනෙක් නොදන්නා බොහෝ කතා හෙළිවෙමින් තිබේ.

මේත් එවැනි කතාවකි.

1996 ලෝක කුසලානය ශ්‍රී ලංකාව සතු වන බව නායක අර්ජුන රණතුංග තරගාවලියට පෙර සිටම දැන සිටි බව සිදත් වෙත්තමුනි CRICKET MONTHLY සඟරාවට ප්‍රකාශ කර තිබේ.

"ලෝක කුසලානය ජයග්‍රහණය කරන බව තරගාවලියට පෙර කෙනෙක් අර්ජුනට කියලා තිබුණා.

"නක්ශාස්ත්‍රකරුවෙක් එහෙමත් නැත්නම් අනාගතේ දකින්නෙක් තමයි අර්ජුනට මේ අනාවැකිය කියලා තිබ්බේ. ඒක තමන්ට අමතර වාසියක් (BONUS) එකක් වන බව අර්ජුන දැනගෙන හිටියා"

සිදත් වෙත්තමුනි ඔය කතාව හෙළි කර තිබෙන්නේ ඔන්න ඔය ආකාරයටයි.

1982 එංගලන්තය සමඟ පැවති මංගල ටෙස්ට් තරඟයේ ආරම්භක පිතිකරුවා වූ සිදත් වෙත්තමුනි 1996 ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා ජාතික පිල තේරු තේරුම් කමිටුවේ සාමාජිකයෙකු වූ අතර තේරීම් කමිටුව නියෝජනය කරමින් එම ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා ජාතික පිලත් සමග සිටි තේරීම් කමිටු නියෝජිතයාද වීම විශේෂත්වයකි.

ඒ විතරක් නොව කුසලානය දිනූ ශ්‍රී ලංකා පිල මව් රටට රැගෙන ආ ගුවන් යානයේ කපිතාන්වරයා ලෙස කටයුතු කළේ සිදත් වෙත්තමුනිගේ වැඩිමල් සොහොයුරා වූ සුනිල් වෙත්තමුනිය.

සුනිල් වෙත්තමුනි ජාතික කණ්ඩායම වසර දහයකට වඩා නියෝජනය කළ දක්ෂ ආරම්භක පිතිකරුවෙකු වූ අතර 1975 සහ 1979 යන ලෝක කුසලාන වලදී ශ්‍රී ලංකා පිල නියෝජනය කරන ලදී.

මේ කතාවේ තවත් වැදගත්ම කරුණක් වන්නේ අර්ජුන රණතුංග මෙන්ම සුනිල් හා සිදත් යන වෙත්තමුනි සොහොයුරන්ද කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුන් වීමය.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 18 March 2021 13:32