April 28, 2024

එජාපයේ තවත් ප්‍රබලයන් දෙදෙනෙක් අර්ජුන සමග එක්වන ලකුණු

December 07, 2021

අර්ජුන රණතුංග මහතා මේ වන විට එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ගිහින්.

එසේ ඉවත්ව ගිය රණතුංග මහතා පිටුපස එජාප ප්‍රබලයින් දෙදෙනෙක්ද සිටින බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

හිටපු ප්‍රබල ඇමතිවරු

ඒ දෙපළ හිටපු ප්‍රබල අමාත්‍යවරුන් මෙන්ම පක්ෂයේ ප්‍රධාන නිලතල දැරූ අය.

එහෙත් අද ඒ දෙදෙනාම පක්ෂයේ නිලතල වලින් ඉවත් වී සිටින්නේ.

ඊට හේතුව ඔවුන් දෙපළද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පිළිවෙත අනුමත නොකිරීමයි.

ඔවුන් දෙදෙනා මෙන්ම රණතුංග මහතාද මීළඟ එ.ජා.ප නායකත්වය බලාපොරොත්තුවෙන් සිටි බවත් ප්‍රකට කරුණක්.

පක්ෂ නායකයාට එරෙහි කණ්ඩායම

මීට පෙරත් රණතුංග මහතා සහ හිටපු ඇමතිවරුන් දෙදෙනා වික්‍රමසිංහ මහතාට එරෙහිව පක්ෂය තුළ ප්‍රසිද්ධියේම හඩ නැගූ අය.

ඔවුන් ඔවුන් දෙදෙනාද ඉදිරියේදී රණතුංග මහතා සමග පොදු වේදිකාවකදී එක්වනු ඇති බවයි එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඒ දෙදෙනා වන්නේ හිටපු එ.ජා.ප උප නායක රවී කරුණානායක මහතා සහ හිටපු ජාතික සංවිධායක නවින් දිසානායක යන මහත්වරුන්.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 08 December 2021 09:51

Related items