April 16, 2024

"ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ සංගා! පුහුණුකරු මහේල!" - ක්‍රිකට් ගොඩගන්න සැළසුමක් ඉදිරිපත් කෙරේ

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව තමන්ට භාර දෙන්නේ නම් එය ගොඩ ගැනීමට ගතවන්නේ මාස 06ක් පමණක් බව, ලෝක ශූර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක, හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කරනවා.

එලෙස තමන් එය භාර ගන්නේ නම් කිසිවෙකුට එම ක්‍රියාවලියට ඇඟිළි ගැසීමට ඉඩ නොදෙන බව යි ඔහු පවසන්නේ.

එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ ගැනීම සඳහා තමන්ට ඇති සැළසුමට හිටපු ක්‍රීඩකයින් කිහිපදෙනෙකුගේ සහය ද අවැසි බව ඔහු පෙන්වා දෙනවා.

රණතුංග මහතා වැඩිදුරටත් පවසන්නේ සනත් ජයසූරිය, අරවින්ද ද සිල්වා, මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර යන මහත්වරුන් මේ සඳහා සුදුසු බව යි.

එහි දී මහේල ජයවර්ධන මහතාට පුහුණුකරු ධූරය භාර දිය යුතු බවත්, ඔහුට ඉන්දියාවේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන්නේ නම් මෙහි ද එය සිදු කිරීමට හැකි බවත් ඔහු පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ධූරයට අර්ජුන රණතුංග මහතා යෝජනා කරන්නේ කුමාර් සංගක්කාර මහතාගේ නම යි.

රණතුංග මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ මේවන විටත් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන චමින්ද වාස් මහතාට ද ගැටළු රැසක් පැමිණි බව යි.

එහෙත් එම ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාව හෝ ලබා නොදුන් බවට රණතුංග මහතා චෝදනා නගනවා.

රට නියෝජනය කළ දක්ෂ ප්‍රමුඛ පෙලේ ක්‍රීඩකයින්ට එවැනි දෑ සිදු නොකළ යුතු බවට ද අර්ජුන රණතුංග මහතා අවධාරණය කරනවා.

මේ අතර පුවත් ආරංචි මාර්ග පවසන්නේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා මෙරට පුහුණුකරුවෙකු ලෙස සම්බන්ධ කරගැනීමේ ඇති සූදානමක් පිළිබඳ පුවත් පළ වෙමින් පවතිනවා.

ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු පහත සබැඳියෙන්...

මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස එක්වීමේ සුදානමක්

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 07 July 2021 08:41