April 26, 2024

තේ වගා වගාකරුවන්ට ලොකු සහනයක්!

වගා කිරීමට කැමැති ඕනෑම වගාකරු‌වෙකුට ලබන වසරේ සිට තේ පැල නොමිලයේ ලබාදීමට කටයුතු කරන බව වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

දැනට පවතින ක්‍රමවේදයට අනුව අස්වැන්න ලබා ගැනීමට අවුරුදු 3 1/2 – 4ක පමණ කාලයක් ගත වන බවත් එම නිසා වගකරුවන් අධෛර්යට පත් වී ඇති බවත් පැවසූ අමාත්‍යවරයා මෙම නව ක්‍රමවේදයට අනුව වගාකරුවන් තේ වගා කිරීමට ඉදිරිපත් වනු ඇති බව ද පැවසීය.

එමෙන්ම මෙම වගා ක්‍රමයට යොමුවීම තුලින් ඉදිරි වසර තුන ඇතුළත මෙරට තේ කර්මාන්තයේ විප්ලවීය වෙනසක් සිදුකිරීමට හැකි වනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පසු ගිය දා පැවැති සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද සඳහන් කළා.

"අලුත් ඉඩම්වල තේ වගාව කළ යුතුයි. ඒ සඳහා ජනතාව පෙළඹවීම සඳහා ලබන වසරේ සිට තේ පැළ නොමිලයේ ලබාදෙන අතර බිම් සකස් කිරීම සඳහා සිදු වන මූල්‍ය සහනාධාර ලබා දීමට කටයුතු කරනවා. තේ වවන්න කැමති ඕනෑම අ‍යෙකුට වගාව සඳහා අපි අනුග්‍රහය ලබාදෙනවා. සාම්ප්‍රදායික ක්‍රම මගින් වැඩි තේ අස්වැන්නක් ලබාගන්න බැහැ. ඒ නිසා වගාකරුවන් වගාවට දක්වන උනන්දුව දැන් අඩුවෙලා. අපි දැන් අලුත් ක්‍රමවේදයන්වලට යොමු වෙන්න ඕන. අතින් දළු නෙලීම වෙනුවට යන්ත්‍ර මගින් දළු නෙලීමට අපි යොමු වෙන්න ඕන. ලෝකයේ බොහෝ රටවල්  තේ වගාව සඳහා මෙවැනි නව තාක්ෂණික ක්‍රමවේදයන් යොදා ගන්නාවා. නව වගාවට යොමුවීමේදී දැනට භාවිතයට නොගන්නා මුඩු ඉඩම් තේ වගාවට යොදාගන්න අපි බලාපොරොත්තු වෙනවා. මෙම ව්‍යාපෘතිය ලබන වසරේ මුල සිට ක්‍රියාත්මක කිරීමට අදාළ පියවරයන් ගනු ලබනවා . මෙම ක්‍රමවේද මගින් මෙරට තේ කර්මාන්තයේ විප්ලවීය වෙනසක් සිදුකිරීමට හැකි වනු ඇතැයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

Rate this item
(0 votes)
Last modified on Friday, 29 October 2021 21:52