May 01, 2024

ලීසිං වාහනහිමියන්ට හිමිවෙන සහනය ගැන මහ බැංකු අධිපති කියයි

සර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය මාසික ආර්ථික සැලසුම මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේදී එළිදක්වා තිබුණා.

එම අවස්ථාවට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ, ඊළඟ මාස 6 තුළ දී "පරාටේ ගිවිසුම" හරහා දේපළ පවරා ගැනීම නොකර සිටින්න ලෙස සියලු බැංකුවලට දැනුම් දුන් බවයි.

වාහන නැවත පවරා ගැනීම අත්හිටුවන්න

වාහන නැවත පවරා ගැනීම අත්හිටුවන ලෙස ද බැංකුවලට උපදෙස් ලබා දුන් බවද ඒ මහතා සඳහන් කළා.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ පැරණි ණය සහ ණය පොළිය සදහා සහනයක් ලබාදීම සඳහා මහ බැංකුවෙන් රුපියල් මිලියන 15ක මුදලක් වෙනකර ඇතැයි ද මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නා.

අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීම සඳහා පනවා තිබූ සියයට සියයක අනිවාර්ය තැන්පතු සීමාව අද සිට ඉවත් කෙරෙනවා.

මෙහිදී අදහස් දැක්වු අජිත් නිවාඩ් කබ්රාල් මහතා,

"2019 වසර අවසන් වෙද්දී ශ්‍රී ලංකාව සතුව ඩොලර් බිලියන 7.6ක සංචිත ප්‍රමාණයක් ඉතුරුවෙලා තිබ්බා. කවුරුත් කියන්නේ නැති වුණත් එතනින් පස්සේ අපි බිලියන 06ක ණය නැවත ගෙව්වා. ඒ වගේම 2021 වසරේදීත් මේ දක්වා අපි බිලියන 5.6 ක් ආපසු ගෙව්වා. හැබැයි දැන් අපි සතුව බිලියන 5කට ආසන්න සංචිත ප්‍රමාණයක් තියෙනවා මුදල් වශයෙන් බිලියන 3.5කුත් ලැබීම් 1.5කුත් එකතු වන වශයෙන්. දැන් මේ දිහා ගණිතමය වශයෙන් පිටින් බලලා කාටහරි කියන්න පුළුවන් බලන්න අපිට ගෙවීම් කරන්න බැහැ කියලා. ඒක තමයි මේ දක්වා බොහෝදෙනෙක් ගණන් හදලා අපිට කියන්නේ හැබැයි අපට ලැබෙන ලැබීම් ඇතුලත් කරලා මේ ගණනය කිරීම් එයාලා කරන්නේ නැහැ. ඒ අනුව තවත් වසර කිහිපයකදී අපිට ණය ගෙවාගන්න බැරි වෙනවා කියලත් එයාලා උපකල්පනය කරගන්නවා. ඉතිං මම එයාලට කියන්න කැමතියි සංචිත කළමණාකරනය යනු දැනට තියන සංචිත කළමනාකරණය කිරීමම නෙමෙයි ලැබීම් කළමනාකරණය කිරීමක් ඊට ඇතුළත්. ඉතිං මේ ආර්ථිකය කඩාවැටෙනවා කියලා අපිට චෝදනා කරන අයට මම කියනවා ඒක එහෙම වෙන්නේ නැහැ ඉතිහාසයේ අපි ඒක ඔප්පු කරලා පෙන්වලා තියෙනවා."

Rate this item
(5 votes)
Last modified on Friday, 01 October 2021 15:32