April 28, 2024

මහ බැංකුවෙන් අලුත් කාසියක්! කාසි ලක්ෂ විස්සක් නිකුත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 20ක වටිනාකමක් ඇති සමරු කාසියක් නික්තු කර තිබෙනවා.

ඒ ජන හා නිවාස සංගණනයේ 150 වන සංවත්සරය නිමිත්තෙන්.

මුහුණත වටිනාකම රුපියල් 20කින් යුත් එම සංසරණ සම්මත සමරු කාසියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ සහභාගිත්වයෙන් අද (21) සිදු කෙරිණි.

නිකල් ආලේපිත වානේ කාසියක් වන මෙය පැති 7ක හැඩයකින් යුක්තයි.

එම කාසිය විශ්කම්භය මිලි මීටර් 28කින් හා ගණකම මිලි මීටර 2කින් යුක්ත බවයි මහ බැංකුව සඳහන් කළේ.

සංසරණය සඳහා කාසි ලක්ෂ විස්සක් නිකුත් කර තිබෙනවා.

Rate this item
(0 votes)