May 17, 2024

රාජ්‍ය ආයතන ඩිජිටල් කරයි! ICTA අලුත් වැඩක් අරඹයි

රාජ්‍ය  ආයතන තුල ඩිජිටල් සන්වර්තන ක්‍රියාවලිය වඩාත්  කාර්යක්ෂමව සිදුකිරිම සදහා වැඩපිළිවලක් සකස් කෙරේ.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් මෙම වැඩපිළිවල ඊයේ (30) ආරම්භ කෙරිණි.

රජයේ කාර්යක්ෂම සේවක බලකායක් වර්ධනය කිරීම සහ රජයේ ආයතන ඩිජිටල් කරණයෙන් උසස්මට්ටමට පත්කිරීම මෙහි අරමුණයි. ඒ සදහා ප්‍රධාන ඩිජිටල් තොරතුරු නිලධාරින් බලගැන්වීම සිදුකෙරෙනු ඇත. පිරිවැය අඩු කිරීම, වේගවත් සේවා සැපයීමක් සහතික කිරීම සහ රාජ්‍ය ආයතන තුල ඇති සියලුම ගණුදෙනු හා අන්තර් ක්‍රියාකාරිත්වයන් තුළ විනිවිදභාවය පවත්වා ගැනීම සඳහා වඩාත් කාලෝචිත, පලදායි ප්‍රයත්නයක් ලෙස මෙය හදුනාගෙන ඇත.

2024 වවිට රාජ්‍ය අංශයේ ආයතනවලට අනුබද්ධ ප්‍රධාන තාක්ෂණ තොරතුරු නිලධාරි 500 ක් බිහිකිරීම මීට සැලසුම්කර ඇත. රජයේ ප්‍රධාන උපාය මාර්ගයක් ලෙස හදුනාගෙන ඇති තාක්ෂණ පාදක ආර්ථිකයක් ගොඩනැගීම සදහා ගෙනයන වැඩපිළිවලට සමගාමිව මෙය ක්‍රියාත්මක කරයි.

තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ජයන්ත ද සිල්වා, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති ඕෂධ සේනානායක, ප්‍රධාන විධායක නිලධාරි ඉංජිනේරු මහින්ද බි හේරත් ඇතුළු විද්වත් පිරිසකගේ සහභාගිත්වයෙන් මාර්ග ගත ක්‍රමයට මෙම සමුළුව පැවැත්විණි.  

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය දියත් කෙරෙන මෙම වැඩපිළිවල මඟින් ප්‍රධාන ඩිජිටල් තොරතුරු නිලධාරින්ගේ වගකීම් හා ගත යුතු මාර්ග නිශ්චිතව හදුනාගනු ලැබිණ. ඕනෑම රජයේ සේවකයෙකුට එම තනතුරට සලකා බැලීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම සහ අවම සුදුසුකම් රාමුවක් ද හදුනා ගැණින.

මේ පිළිබඳව අදහස් දක්වමින් තාක්‍ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා සඳහන් කළේ, ICTA ආයතනය ආරම්භ කළ මෙම වැඩපිළිවෙළට සහයෝගය දැක්වීම සඳහා ශ්‍රී ලංකා රජය පූර්ණ වශයෙන් කැප වී සිටින බවයි. ඉදිරි වසර තුන තුළ පුරවැසියන් කේන්ද්‍ර කරගත් රජයක් සඳහා රාජ්‍ය  අංශය තුළ සැලකිය යුතු වෙනසක් අපේක්ෂා කෙරේ. එම නිසා, රාජ්‍ය  සේවකයින්ගෙන් අපි ඉල්ලා සිටින්නේ, හැකියාවන්  ඇති රජයේ ශ්‍රම බලකායක් ලෙස වර්ධනය කර ගැනීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසයි. එම හැකියාවන් වර්ධනය කර ගැනීම සදහා තොරතුරු හාසන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පහසුකම් සලසන හෙයින්, එහි ප්‍රයෝජන ගන්නා ලෙස ලේකම්වරයා ඉල්ලාසිටින ලදී.

තොරතුරු හාසන්නිවේදන  තාක්ෂණ නියෝජිතායතනහි සභාපති ඕෂධ සේනානායක මහතා සඳහන් කළේ, රාජ්‍ය අංශය හරහා ඩිජිටල් පරිවර්‍තනයක ගමනක් කෙරෙහි අපි අවධානය යොමු කොට තිබේ. එය දිගු කාලීනව රාජ්‍යා අංශයේ  තිරසාරභාවය සඳහාත් ධාරිතාවය ඉහළ නැංවීම සහ නිපුණතාවය ඉහළ නැංවීමත් අරමුණුකර ඇත. මෙහිදී  මහජනයාට ප්‍රශස්ත සේවාවක් ලබාදීම සදහා සැකසුණු, ආයතනික ක්‍රියාවලියක් හා ප්‍රතිපත්ති සමඟ ඩිජිටල් යෙදවූම එක්කිරීම වැදගත්වේ. ඒ සදහා රාජ්‍ය අංශය තුළ උත්පේරකයක් ලෙස තාක්ෂණය හඳුන්වා දීම සහතික කිරීම සඳහා රජයේ ප්‍රධාන තාක්ෂණ තොරතුරු නිලධාරි වැඩසටහන ඉතා වැදගත් වනු ඇත.අද දියත් කරන ලද මෙම වැඩපිළිවල ඔවුන්ගේ කාර්යභාරය මෙන්ම ඕනෑම රජයේ සේවකයෙකුට එම තනතුර සලකා බැලීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම සහ අවම සුදුසුකම් රාමුවක් ද සපයනු ඇත.

 

Rate this item
(0 votes)