May 05, 2024

ෆයිබර් තාක්ෂණයෙන් රට දිනවන SLT-MOBITEL ‘Fibre of the Nation’

September 29, 2021

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මේ වනවිට රටේ අනාගතය හැඩගැස්වීමටත්, පුරවැසියන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමටත්  අසමසම වේගයක් සහිත අති-නවීන ෆයිබර්(fibre) සම්බන්ධතා ජාලයක් රටපුරා ව්‍යාප්ත කිරීමට මේ වනවිට පියවර ගෙන තිබේ.

කවදත් පුරෝගාමී නවෝත්පාදකයෙකු වන SLT-MOBITEL, එම පුරෝගාමීත්වයේ ඉදිරි පියවරක් ලෙස විශිෂ්ටතම බ්‍රෝඩ්බෑන්ඩ් තාක්ෂණ සහ අත්දැකීම් පෙළක් තම පාරිභෝගිකයන් වෙත තිළිණ කිරීමට කටයුතු කර තිබේ. මේ ඔස්සේ ශ්‍රී ලාංකිකයන්ට තම වෘත්තීය ජීවිතය සහ පෞද්ගලික ජීවිතය මුළුමනින්ම වෙනස් කිරීමේ හැකියාව සහිත අධිවේගී අන්තර්ජාල සම්බන්ධතා විසඳුම් පෙළක් හිමි වී ඇත.

සංවර්ධන ක්‍රියවලිය තුළදී අති-නවීන තාක්ෂණය සහ අධිවේගී සම්බන්ධතා වල වැදගත්කම මුළු ලොවම ක්‍රමක්‍රමයෙන් වටහා ගනිමින් සිටින පසුබිමක, මෙම නවීන ෆයිබර් සම්බන්ධතාවන් ඔස්සේ ඩිජිටල් උපාංග කිහිපයක් එකවර භාවිතා කරමින් අන්තර්ජාලය පිවිසීමට හැකිවීම, මෙරට ජනතාවගේ ද ජීවිත සහ ජීවන රටාවන් පැහැදිලි වෙනසකට ලක්කර ඇත.

අධිවේගී ෆයිබර්(fibre) තාක්ෂණය

අනාගත ලෝකයට ගැළපෙන අධිවේගී, විශ්වාසනීය සම්බන්ධතාවන් සහ ජාත්‍යන්තර තලයේ තාක්ෂණ පෙළක් මෙරටට හඳුන්වා දීම SLT-Mobitel Fibre හි මූලික ඉලක්කය වේ. ඒ නිසාම ඉහළම දත්ත ධාරිතාවක් සහ විශ්වාසනීය සේවාවක් සමගින්, බාධාවකින් තොරව 100 Mbps සිට 1000 Mbps දක්වා Download වේගයන් අත්විඳීමට SLT-Mobitel Fibre පාරිභෝගිකයන්ට හැකියාව ලැබී ඇත.

විශේෂයෙන්ම බොහෝ දෙනෙකුට නිවෙස් වල සිට රාජකාරි කිරීමට සිදුවී ඇති වර්තමානයේදී, අධිවේගී අන්තර්ජාල සහ විනෝදාස්වාද සේවාවන් පැවතීම අත්‍යවශ්‍යතාවක් බවට පත්ව තිබේ. එමෙන්ම මෙම තත්ත්වය හමුවේ අන්තර්ජාල සම්බන්ධතා හුදෙක් තොරතුරු හා විනෝදාස්වාද සීමාවෙන් ඔබ්බට ගොස්, මාර්ගගත අධ්‍යාපනය සහ රාජකාරි කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සපයන මාධ්‍යයක් බවට පත් වී ඇත.

අනෙක් අතට වසංගත රෝග ව්‍යාප්තියත් සමග ශ්‍රී ලාංකිකයන්ට නිවෙස් වල සිට රාජකාරි කිරීමටත් අධ්‍යාපනය ලැබීමටත් සිදුවීම නිසා, මෙරට අන්තර්ජාල දත්ත පරිභෝජනය විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. SLT-Mobitel Fibre යනු මෙම වාතාවරණය හමුවේ රටටත් ජනතාවටත් අත්වැලක් වීම සඳහා SLT-MOBITEL දරන උත්සාහයේ තවත් එක් ඉදිරි පියවරක් ලෙස ද නිර්වචනය කළ හැක.  තම ජාතික ෆයිබර් තාක්ෂණ යටිතල ව්‍යුහය ඔස්සේ හෙට ලොවට ගැළපෙන විශිෂ්ට සම්බන්ධතාවක් සමගින් නවීනතම ඩිජිටල් සේවාවන් රැසක් සිය පාරිභෝගිකයන් වෙත ලබාදීමේ හැකියාව SLT-MOBITEL සතු ය.

උපාංග රැසක් - පෙරළිකාරී වෙනසක්

වර්තමානයේ සෑම නිවෙසකම ස්මාර්ට් උපාංග කිහිපයක් භාවිතා වන අතර ඒ සියල්ලක්ම පාහේ අන්තර්ජාලයට සම්බන්ධ වීම සඳහා ‘බෑන්ඩ්විත්’ (Bandwidth) ඔස්සේ සිදුවේ. ස්මාර්ට්ෆෝන්, වීඩියෝ ක්‍රීඩා උපාංග, ස්මාර්ට් රූපවාහිනී, පරිගණක හා ටැබ්ලට් පමණක් නොව වීඩියෝ දොර සීනු පවා හොඳින් ක්‍රියාත්මක වීමට නම් ප්‍රමාණවත් බෑන්ඩ්විත් මට්ටමක් අවශ්‍ය ය. විශේෂයෙන්ම මෙම සියලුම උපාංග එකවර ක්‍රියාත්මක වන විට බෑන්ඩ්විත් මට්ටම ප්‍රමාණවත් නොවුණහොත් විවිධ ගැටලු මතු වේ.

SLT-Mobitel Fibre යනු මෙවැනි ගැටලු වලට සාර්ථක විසඳුම් ලබාදෙන පෙරළිකාරී තාක්ෂණයකි. SLT-Mobitel Fibre මගින් ලැබෙන අධිවේගී සම්බන්ධතාව නිසා පාරිභෝගිකයන්ට කිසිදු ගැටලුවකින් තොරව උපාංග කිහිපයක් එකවර භාවිතා කරමින් උසස්ම ප්‍රමිතියෙන් යුත් වීඩියෝ නැරඹීම මෙන්ම වැඩි ධාරිතාවයකින් යුත්  ෆයිල්(File) ඩවුන්ලෝඩ් හෝ අප්ලෝඩ් කිරීම ඇතුළු බොහෝ දේ පහසුවෙන් සිදුකිරීමේ හැකියාව ඇත.

සුවිශේෂී Gaming අත්දැකීමක්

අන්තර්ජාල ක්‍රීඩා වල යෙදීම හෙවත් Gaming යනු විනෝදාස්වාද ක්ෂේත්‍රයේ නවතම ප්‍රවණතාව බව SLT-MOBITEL හොඳින් හඳුනාගෙන සිටියි. Gaming සම්ප්‍රදාය මේ වනවිට වඩාත් අන්තර්-ක්‍රියාකාරී, සමාජශීලී සහ සජීවී ක්‍රියාකාරකමක් බවට පත්වී තිබේ. කෙසේ නමුත් ඒ සඳහා ද තීරණාත්මකම සාධකය වන්නේ  අධිවේගී හා ස්ථාවර අන්තර්ජාල සම්බන්ධතාවක් පැවතීම ය.

ශ්‍රී ලංකාව ඩිජිටල් තාක්ෂණයෙන් පිරිපුන් රටක් බවට පත්කිරීමේ උත්සාහය තුළ විද්‍යුත් හා අන්තර්ජාල ක්‍රීඩා සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතු බව SLT-MOBITEL දැඩිව විශ්වාස කරයි. 100Mbps අධිවේගී සබඳතාවක් ඔස්සේ මෙරට අන්තර්ජාල ක්‍රීඩා වල යෙදෙන්නන් හට නවතම අත්දැකීමක් ලබාදීමට SLT-Mobitel Fibre සමත්ව තිබේ.

උපරිම විනෝදාස්වාදයක්

නවීනතම තාක්ෂණය, උපාංග හා යෙදුම් ඔස්සේ ජාත්‍යන්තර තලයේ විනෝදාස්වාද සේවා සහ අත්දැකීම් පෙළක් තම පාරිභෝගිකයන් වෙත ලබාදීම ද SLT-MOBITEL සතු තවත් ඉලක්කයකි.  

SLT-Mobitel Fibre තාක්ෂණය නිසා පාරිභෝගිකයන්ට තමන් කැමති ඩිජිටල් උපාංගයක් භාවිතා කරමින් Netflix, APPLE TV, HULU, Spotify වැනි සේවාවන් ඔස්සේ Ultra High Definition (UHD) ප්‍රමිතියෙන් යුත් චිත්‍රපට, රූපවාහිනී වැඩසටහන්, ක්‍රීඩා සහ සංගීතය වැනි බොහෝ දේ රසවිඳීමේ අවස්ථාව හිමි වේ.

මේ ආකාරයට ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය මෙන්ම මෙරට ප්‍රමුඛතම විනෝදාස්වාද සේවා පදනම වශයෙන් අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවන් සහ PEO TV වැනි සේවාවන් තුළින් පාරිභෝගිකයන්ට උසස්ම රසාස්වාදන අත්දැකීම් පෙළක් තිළිණ කිරීමට SLT-MOBITEL කැපවී සිටියි. 

Rate this item
(0 votes)