May 17, 2024

"ඉ -ස්වාභිමානී" විනිශ්චය Online ක්‍රමයට

September 28, 2021

මේ වසරේ ඉ -ස්වාභිමානී ජාතික සම්මාන උළලේ ’ විනිශ්චය සාර්ථකව අවසන් කළ බව තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) නිවේදනයක් නිකුත්කරමින් කියාසිටී. 

වසර 10 ක සම්මාන ඉතිහාසයේ වැඩිම නව නිපැයුම් ප්‍රමාණයක් ලැබුණු වසර ලෙස මෙය වාර්තාවේ. එම නව තාක්ෂණික මෘදුකාංග සහ යෙදවුම් ඉදිරිපත්වූ ප්‍රමාණය 325 කි. පවතින වසංගතය තත්වය මධ්‍යයේ, මෙවර  සංවිධායක මණ්ඩලය මාර්ගගත වේදිකාවක් හරහා විනිශ්චය ලබාදීමට කටයුතු කළහ.

වඩාත් ඉහලම විනිශ්චයක් ලබාදීම සදහා  ව්‍යාපාර කළමනාකරණය, තාක්‍ෂණය, ඉංජිනේරු විද්‍යාව, අලෙවිකරණය, රාජ්‍ය  අංශ පරිපාලනය, වෛද්‍ය ,සෞඛ්‍ය, රාජ්‍ය හා සමාජ ප්‍රතිපත්ති සහ තොරතුරු ආරක්‍ෂාව යන ක්ෂේත්‍රයන්හි  ප්‍රවීණයන් කණ්ඩායමක් තෝරාගත්බව තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පවසයි.

මෙවර විනිශ්චය මණ්ඩල සාමාජිකයින් ගැන අදහස් දැක්වූ  ජූරි සභාවේ සභාපති මහාචාර්ය රංගික හල්වතුර මහතා ප්‍රකාශ කලේ "මීටපෙර වසරවල සිටි  පළපුරුදු ප්‍රවීනයන්ට අමතරව වඩාත් පුළුල් ඉහළපෙලේ පිළිගත්  වෘත්තිකයින්ගේ එකතුවක්  සහිත විශිෂ්ඨ මණ්ඩලයක් මෙවර අප සතුව ඇතැයි මම සිතමි. මීට අමතරව, විවිධත්‍වයන් ඇතිකිරීම  සහ මෙම වැඩපිලිවලේ අනාගත තිරසාරභාවය පිළිබඳව සලකා බලා නවඅදහස් ඇති  නව වෘත්තිකයන් කිහිප දෙනෙකු ද අපි ඇතුළත් කර ඇත්තෙමු." මෙවර  සෑම අංශයක්ම විනිශ්චය කළේ තාක්ෂණික  දායකත්වය මතයි. ලැයිස්තු ගත අයදුම්කරුවන් විනාඩි 10 ක කාලයක පූර්ව පටිගත කරන ලද ඉදිරිපත් කිරීමකින් තම නිර්මාණය විනිසුරුවන් වෙත ඉදිරිපත් කළ යුතු විය. ඉන් පසුව විනිසුරුවන් ජයග්‍රාහකයින් තෝරාගැනීම සඳහා දින දෙකක දැඩි විනිශ්චය ක්‍රියාවලියක් සිදු කළහ.

ජූරි සභික සහ වැඩසටහන මෙහෙයවන්නා ලෙස කටයුතුකළ  ඉන්දික ද සොයිසා මහතා ප්‍රකාශකලේ “වසංගතයක් තුළදී පවා ඉ -ස්වාභිමානී තරඟකරුවන් විනිශ්චය කිරීමට කටයුතුකළ  තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජෝතායතනයේ ප්‍රයත්නය දිරිගන්වන සුළු කරුනක් බවයි.

මෙමගින් සමාජයට අර්ථවත් බලපෑමක් ඇති කරනවා පමණක් නොව, නව පරම්පරාව අතර උනන්දුව  හා සහභාගීත්වයෙන් ඔවුන්ගේ හැකියාවෙන් ඉදිරියට ගෙනයාමද අපේක්‍ෂා කෙරේ.

මෙම ඉහළපෙලේ ජුරිසභාවේ සභාපති ලෙස මහාචාර්ය රංගික හල්වතුර මහතා කටයුතුකළ අතර ඉන්දික ද සොයිසා මහතා (උප සභාපති, Huawei Technologies Lanka Co. (Pvt) Ltd) මෙහෙයුම් කටයුතු සිදුකරන ලදී. ආචාර්ය රොෂාන් හේවාපතිරණ මහතා (කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය හා සෞඛ්‍ය තොරතුරු පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය) හසිත් යග්ගහවිට මහතා (ප්‍රධාන තාක්‍ෂණ නිලධාරී 99X, ) සම්පත් ජයසුන්දර මහතා -ප්‍රධාන විධායක නිලධාරී/අධ්‍යක්‍ෂක (hSenid Business Solutions (Pvt) Ltd දිලිනි ද අල්විස් මත්මිය -(ප්‍රධාන මෙහෙයුම් නිලධාරී - ජෝන් කීල්ස් තොරතුරු තාක්ෂණ (පුද්ගලික) සමාගමේ මෘදුකාංග විසඳුම් සහ සේවා) රෝමනි රූපසිංහ මහත්මිය - ඉංජිනේරු අංශයේ ප්‍රධානි SwivelTech – Swivel Group Pvt Ltd.) සහ ආයතනික අංශයේ කර්මාන්ත නියෝජනය කරමින් ජයෝමි ලොකුලියන මහත්මිය (නිර්මාතෘ ZMessenger. සහභාගිවුහ.

මිට අමතරව චන්දන රුද්‍රිගෝ මහතා (ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් -සංවර්ධන තාක්‍ෂණ අමාත්‍යාංශයේ), වජිරා කුලරත්න මහත්මිය -(සහකාර අධ්‍යක්‍ෂ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ) සමන්ත දික්කුඹුරගේ මහතා - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ -තොරතුරු ,ශ්‍රී ලංකාආයෝජන මණ්ඩලයේ), උදනා වික්‍රමසිංහ මහතා(අධ්‍යක්ෂ -ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය) රජයේ අංශය නියෝජනය කළහ. නිම්බස් ක්ලවුඩ් ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ දමිත් හෙට්ටිහේවා මහතා,  ජනශක්ති සමූහ සමාගම් සමූහයේ සමූහ ප්‍රධාන තොරතුරු නිලධාරී කේ.වී. කුගනාදන් මහතා, තොරතුරු තාක්ෂණ අංශය නියෝජනයකරමින් රුවන් අමරසේකර මහතා (හිටපු සභාපති බීසීඑස් වරලත් ආයතනය) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංගම් SLASSCOM, FITIS, CSSL, and BCSනියෝජනය කරමින්)  UNDP හි ප්‍රතිපත්ති හා සම්බන්ධීකරණ කණ්ඩායමේ නායක- ෆාදිල් බාකීර් මාකර් මහතා ශ්‍රී ලංකාවේ නියෝජිතයෙකු වශයෙන් විනිශ්චය මණ්ඩලය වෙත වෙනස් දෘෂ්ටියක් ගෙන එනලදී. සංජී බාලසූරිය මහතා (- තොරතුරු ආරක්‍ෂක අධ්‍යක්ෂ, ) ICTA. නියෝජනය කළේය.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ කර්මාන්ත සංවර්ධන අධ්‍යක්‍ෂිකා චිරන්ති බාලපටබැඳි මෙනෙවිය, ප්‍රකාශකලේ 'මෙම වසරේ විනිශ්චය ක්‍රියාවලිය සාර්ථකව නිම කිරීම සඳහා කාලය සහ ශ්‍රමය කැප කිරීම සඳහා කැපවී දායක වූ සියලුම විනිසුරුවන්ට ස්තුතිය පලකරන බවයි. 

රටේ පවතින වර්තමාන තත්වය  සලකා බැලීමේදී ලැබුන අයදුම්පත් සංඛ්‍යාව ඉතාමත් දිරිගන්වන සුළුවිය.  අයදුම්කරුවන් ඔවුන්ගේ නව නිර්මාණ ඉදිරිපත් කිරීම ගැන මම ස්තූති කිරීමට ද කැමතියි. දේශීය නිෂ්පාදකයන්ගේ නවෝත්පාදන හා නිර්මාණාත්මක ඩිජිටල් නිෂ්පාදන සහ සේවාවන් ප්‍රවර්‍ධනය කිරීමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) කැපවී සිටින අතර හොඳම යෙදුම් ජාත්‍යන්තර තලයට ගෙන යාමට වේදිකාවක් ලෙස ඉ -ස්වාභිමානී' කටයුතු කරන බවත් එසදහා  මෙවර ද ලෝක ජයග්‍රාහකයිගේ  සමුළු ප්‍රදානය සදහා නිර්මාණ ඉදිරිපත්  කිරීමට කටයුතුකරන බවත් ඇය වැඩිදුරටත් සදහන් කළාය.

 



Rate this item
(0 votes)