May 02, 2024
Main

Main (651)

තමන් වහන්සේ සැඟවී නැති බවත් වෙනත් කිසිදු භික්ෂුවක් සඟවා ගෙන නැති බවත් පුජ්‍ය අතුරලියේ රතන හිමියන් ඒෂියන් මිරර් වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරන ලදී.

අපේ ජනබල පක්ෂයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් රඳවා තබාගෙන සිටින බවට තමන් වහන්සේට එරෙහිව පොලිසියට කර තිබෙන පැමිණිල්ල පිළිබඳව සිදු කෙරෙන විමර්ශනය සඳහා තමන් වහන්සේ සහභාගී වන බව ද උන්වහන්සේ සඳහන් කරයි.

වෙදිනිගම විමලතිස්ස හිමියන්ව රතන හිමියන් විසින් පැහැරගෙන ගොස් රඳවා ගෙන තිබෙන බවට විමලතිස්ස හිමියන්ගේ සම්බන්ධිකරණ ලේකම් පුජ්‍ය හුණුපිටියේ චන්ද්‍රසිරි හිමියන් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණිල්ලක් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ෂණය සඳහා කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට රතන හිමියන්ට පැමිණෙන ලෙස දන්වා සිටියද උන්වහන්සේ එහි නොපැමිණි හෙයින් කොළඹ දිසාව භාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු පිරිසක් උන්වහන්සේ වැඩ සිටින රාජගිරිය සඳහන් සෙවන ආරාමයට ගියද එහිද උන්වහන්සේ වැඩ සිටි නැති බවද වාර්තා වෙයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය තනතුරක් ලබාදීම සඳහා එකඟතාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ නොමැති බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි. 

ගාමිණී ලොකුගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (23) මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. 

"ඒක ඒ පක්ෂෙන් අහලා බලන්න ඕනෙ. අපේ පක්ෂෙන් නම් තවම එහෙම එකක් නෑ. මේවා ඉතිං ඡන්ද කාලෙත් කිව්වානෙ අරයාට අර ඇමතිකම දෙනවා, අධිකරණ ඇමතිකම දෙනවා, අරයට අර ඇමතිකම හම්බුවෙනවා කියලා. ඡන්ද ගත්තනෙ, දැන් හම්බු නොවුණාමනෙ ප්‍රශ්නෙ මතුවෙලා තියෙන්නෙ. ඡන්ද කාලෙ එක එක්කෙනා ඡන්දෙ ගන්න විවිධ කතන්දර කියනවා" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය. 

නවවැනි පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට ලබා දීමට සිදු වුයේ ඒ සඳහා මුලින්ම යෝජනා වුණු ගයන්ත කරුණාතිලක මහතාට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරයකගේ දැඩි විරෝධය එල්ල වීම නිසා බව වාර්තා වේ.

නව සැසියට පෙර දින සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ කමිටුවක් විසින් ගයන්ත කරුණාතිලක මහතාව පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයට පත් කිරීමට තීරණය කොට තිබේ.

ඒ සම්බන්ධයෙන් එල්ල වූ විරෝධතා මත ඉකුත් විසිවැනිදා පැවැති නව සැසිය ආරම්භයේ දී විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කවුරුන්ද යන්න පිළිබඳව නව කතානායකවරයාට දැනුම් දීමට සමගි ජන බලවේගය අපොහොසත් විය.

මංගල සැසිය පැවැත්වීමෙන් පසුව එදින සවස ලක්ෂ්මන් කිරිඇල්ල මහතාව එම ධූරයට පත් කිරීමට සමගි ජන බලවේගයේ බහුතරය සිය කැමැත්ත ප්‍රකාශ කොට තිබේ.

කිරිඇල්ල මහතා යහපාලන රජයේ පාර්ලිමේන්තු සභානායකවරයා ලෙසත් කරුණාතිලක මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙසත් කටයුතු කර තිබේ.

මහා සංඝරත්නයේ ඉල්ලීම මත ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සහ බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කරයි.

විශ්වවිද්‍යාල දෙක විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට පත් කිරීමේ හැකියාව සොයා බැලීමට ද ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය. ඒවායේ අනන්‍යතාව සුරැකෙන පරිදි අධීක්ෂණ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා යටතේ විධිමත්ව සිදුකරන්නැයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දෙයි.

ඊයේ (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ජනාධිපති බෞද්ධ උපදේශක සභාවේ 05 වැනි සභා වාරයේ දී ජනාධිපතිවරයා විසින් මේ තීරණය ගනු ලැබීය.

ජනාධිපති උපදේශක සභා වාර 04කදී මහා සංඝරත්නය කළ යෝජනා සහ අනුශාසනා සම්බන්ධයෙන් රජය ගත් ක්‍රියාමාර්ග සහ ඒවායේ ප්‍රගතිය ඉදිරි සභාවේදි ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා පැවසීය.

රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යුහය සකස්  කිරීමේදී බෞද්ධ උපදේශන සභාවේ අනුශාසනා පාදක කරගත් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේදී ඉදිරියටත් මහා සංඝරත්නයේ මගපෙන්වීම තමා අපේක්ෂා කරන්නේයැයි කීය. දහම්පාසල්, භික්ෂු අධ්‍යාපනය, පිරිවෙන් හා බෞද්ධ විශ්වවිද්‍යාල ඒවායේ උන්නතිය උදෙසා එක් රාජ්‍ය අමාත්‍යාංශයක ඝෘජු අධීක්ෂණයට පත් කළ බව රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ වර්තමාන පිරිවෙන් අධ්‍යාපනයේ ගැටළු නිරාකරණයට හා දහම් පාසල් අධ්‍යාපනය ක්‍රමවත් වැඩපිළිවෙළක් සහ නියාමනය තුළින් ගුණාත්මක තත්ත්වයට පත් කිරීමට ජනාධිපතිවරයා ගන්නා උත්සාහයට මහා සංඝරත්නය  ප්‍රසාදය පළ කළහ.

මෙවර පාර්ලිමේන්තුවට විපක්ෂ නායක ඇතුළු තනතුරුවලට තෝරාගැනීමේදී අනුගමනය කළ පිළිවෙත රටටම ආදර්ශයක් බව මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නා හිමියෝ සඳහන් කළහ. පසුගිය රජය සමයේ එම තනතුරුවලට පත්කළ ආකාරය ජනතාව පිළිකුල් සහගතව බලා සිටී බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

අමාත්‍යාංශ සිමා කිරීමට ගත් තීරණය මහජන මුදල් ඉතිරිකිරීමට ඉවහල් වන බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමියෝ කීහ.  

“යහපත් සිහිය” ජීවිතයට ඉතා වැදගත්වන බව පෙන්වා දුන් මිතිරිගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය උඩුඊරියගම ධම්මජීව හිමියෝ එය පාසල් පංතිකාමරයට හඳුන්වාදීමේ වැදගත්කම පෙන්වා දුන්හ.

ගුරු භික්ෂුන් වහන්සේට, දෙමව්පියන්ට සහ සහෝදර සහෝදරියන්ට රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමට අග්‍රහාර රක්ෂණ ක්‍රමයට සමාන රක්ෂණයක් හඳුන්වාදීමේ අවශ්‍යතාව මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන ස්වාමින් වහන්සේ යෝජනා කළහ.

රජයේ රැකියාදීමේදී දහම්පාසල් අවසාන සහ ධර්මාචාර්ය සහතික පත්‍රයට ලකුණු දීමේ ක්‍රමයක වැදගත්කම පූජ්‍ය දිවියගහ යසස්සි හිමියෝ පෙන්වා දුන්හ.

භික්ෂු අධ්‍යාපනය හා බෞද්ධ අධ්‍යාපනය පිළිබඳ කතිකාවතක් හෝ ථෙරවාද බුදු දහම පිළිබඳ සංඝායනාවක් අවශ්‍ය බව මාහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ යෝජනා කළහ.

නව පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරු 221 දෙනෙක් ඊයේ (20) නව කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.

මරණ දඬුවම නියම වී සිටින රත්නපුර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී පේ‍්‍රමලාල් ජයසේකර මහතා ඊයේ පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැත.

එක්සත් ජාතික පක්‍ෂයේ සහ අපේ ජනබල පක්‍ෂයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රිධුර දෙක සඳහා කිසිවකු නම් නොකිරීම නිසා එම මන්ත‍්‍රී ආසන දෙක ද හිස්ව තිබිණි.

පාර්ලිමේන්තු ඉතිහාසයේ ප‍්‍රථම වරට එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජනයක් නොමැතිව ඇරඹුණු පළමු පාර්ලිමේන්තුව ලෙස 9 වැනි පාර්ලිමේන්තුව සුවිශේෂිත වූ අතර ඉන් බෙදී වෙන් වූ සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඇතුළු මන්ත‍්‍රීවරු කථානායක අසුනට සමීපව විපක්‍ෂයේ අසුන් ගෙන තිබිණි.

දෙමළ ජාතික සන්ධානය සහ ජාතික ජන බලවේගය (ජනතා විමුක්ති පෙරමුණ) මන්ත‍්‍රීවරු කථානායක අසුනට ඈතින් විපක්‍ෂයේ අසුන් ගෙන සිටි අතර ආසන ප‍්‍රමාණවත් නොවීමෙන් ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරු පිරිසක් ද විපක්‍ෂය පැත්තේ පසුපෙළ හි අසුන් ගෙන තිබිණි.

මෙවර කිසිදු භික්‍ෂුන් වහන්සේ නමක් මන්ත‍්‍රීවරයකු ලෙස පත්ව නොසිටියහ. හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්‍ෂ සහ මෛත‍්‍රිපාල සිරිසේන යන මහත්වරු ආණ්ඩු පක්‍ෂයේ ඉදිරියෙන් ම අසුන් ගෙන තිබිණි.

දැනට රිමාන්ඞ් බන්ධනාගාරගතව සිටින ශිවනේෂතුරෙයි චන්‍ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතා බන්ධනාගාර රැකවල් මත බන්ධනාගාර වාහනයකින් පාර්ලිමේන්තුවට පැමිණ තිබිණි.

නව වැනි පාර්ලිමේන්තුවේ ප්‍රථම සභාවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර තිබේ.

ඒ සඳහා මේ වන විට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ ඇත.

ප්‍රථම සභාවාරය මෙවර උත්සවාකාරයෙන් විවෘත කිරීමක් සිදුනොවන අතර සංස්කෘතිකාංග කිහිපයකට පමණක් සීමා වනු ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පැවසීය.

පළමු සභාවාරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Updating...

අභිනව කතානායකවරයාට ජනපති සුබපතයි.

''2/3ක ජනවරමක් ලබාදුන් දේශප්‍රේමී ජනතාවට මම ස්තුති කරනවා'' - ජනපති

    ''69 ලක්ෂයක් ජනතාවට දුන් පොරොන්දුව කඩ නොකළ බව මේ වන තෙක් මා ඔප්පු කර තිබෙනවා''- ජනපති

    ''ගුණගරුක, නීතිගරුක සමාජයක් රටේ ගොඩ නැගෙමින් තිබෙනවා '' - ජනපති

      ''වී ගොවීන්ට නිෂපාදන සඳහා ඉහළ සහතික මිලක් ලබා දුන්නා..'' - ජනපති

      ''කිසිම හේතුවක් නිසා ජනතා අපේක්ෂා කඩ කරන්නේ නැහැ'' - ජනපති

        ''අලි මිනිස් ගැටුමට විසඳුම් ලබා දෙනවා'' - ජනපති

          ''නිදහස් සෞඛ්‍ය සේවයක් ලබා දීමේදී ඇති විෂමතා ඉවත් කරනවා'' - ජනපති 
          ඖෂධ ආනයනයේදී සිදුවන දූෂණ මැඩලීමට ක්‍රියා කරනවා- ජනපති  
          රටපුරා වැව් ප්‍රතිසංස්කරණය කරනවා - ජනපති 
          රජයේ රැකියා ලබා දීමේදී දුප්ප්ත්ම පවුල්වලට අවස්ථාව ලබා දෙනවා - ජනපති 
          අනවශ්‍ය පරිදි අමාත්‍යංශවලට සේවකයින් බඳවා ගන්නේ නැහැ - ජනපති 
          දේශීය හා ගෝලීය අභියෝග ජය ගැනීමට අලුතින් සිතිය යුතුයි- ජනපති 
          කටුපොල් වගාව සම්පූර්ණයෙන් නතර කරනවා - ජනපති 
            උසස් පෙළ සමත් වන සියලු සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා දීම සඳහා විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් කරනවා- ජනපති 
            ''කෘෂිකර්මාන්තයට හා වැවිලි කර්මාන්තයට මෙන්ම ධීවර කර්මාන්තයට සම්බන්ධ ක්ෂේත්‍ර ගණනාවක් ඉලක්ක කොට අමාත්‍යාංශ වෙන් කර ඇත්තේ, අවශ්‍යකරන නිසි අවධානය ලබා දීමටයි'' - ජනපති 
            කිරි ගොවිතැන සහ බිත්තර නිෂ්පාදනය අපි දියුණු කරනවා - ජනපති  
            නිත්‍යනුකූල නොවන විදේශ බහුදින ධීවර යාත්‍රා විසින් ලංකා මුහුදු තීරයේ කරන සූරා කෑම නතර කරනවා.. - ජනපති  
            ''සියලු අමාත්‍යාංශ හා ආයතනවල නාස්තිය සහ දූෂණය සම්පූර්ණයෙන්ම නතර කිරීමට කටයුතු කරනවා. ඉදිරියේදී නාස්තියට, දූෂණයට සම්බන්ධ වන පුද්ගලයින්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට මම පසුබට වන්නේ නැහැ'' - ජනපති 
            මම මගේ රටට ආදරය කරනවා, මම මගේ රට ගැන ආඩම්බර වෙනවා, මට මගේ රට ගැන දැක්මක් තිබෙනවා. අපේ අරමුණ වන්නේ ඵලදායී පුරවැසියෙක්, සතුටින් ජීවත් වන පවුලක්, ගුණගරුක සමාජයක් හා සෞභාග්‍යමත් දේශයක් ගොඩනැඟීමයි- ජනපති

            19 සංශෝධනය ඉවත් කිරීමට කටයුතු කරනවා. අනතුරුව රටට අවශ්‍ය, ගැළපෙන නව ව්‍යවස්ථාවක් ගෙන බවත්, රටේ සියලූම ජනතාවට ‘එක රටක් එක නීතියක්’ යන සංකල්පයට මූලිකත්වයක් දෙන බවත් ජනපති 09 වැනි පාර්ලිමේන්තුව අමතමින් කියයි.

            හෙට (21) උදෑසන 9.30 තෙක් පාර්ලිමේන්තුව කල් තැබේ 

            TMVP නායක සිවනේෂ් තුරෙයි චන්ද්‍රකාන්තන් මහතා නොහොත් පිල්ලෙයාන්ට ඇප ලබා ගැනීමට හැකි වුවහොත් කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා දීමට පොදුජන පෙරමුණු රජය සුදානමින් සිටියි.

            පසුගිය මහ මැතිවරණයට සිර ගෙදර සිටම නාම යෝජනා භාර දී ඉදිරිපත් වූ පිල්ලෙයාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වී සිටියි.

            පිල්ලෙයාන් නායකත්වය දරණ TMVP පක්ෂය පොදුජන පෙරමුණු ආණ්ඩුවට සහය දෙන එහි සන්ධානගත පක්ෂයකි. 

            හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ජෝසප් පරරාජසිංහම් මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පිල්ලෙයාන් ඒ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනගාරගතව සිටියි.

            පිල්ලෙයාන් මිට පෙර නැගෙනහිර මහ ඇමතිවරයා ලෙස ද කටයුතු කර තිබේ.

            මහා මැතිවරණයට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරඟ කළ එජාප ජාතික සංවිධායක නවින් දිසානායක මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට ඔහුගේ මාමණ්ඩිය වන හිටපු කතානායක කරු ජයසූරිය මහතා ද සක්‍රියව දායක වී තිබෙන බවට කරුණු අනාවරණය වී තිබේ.

            ජයසුරිය මහතා දිසානායක මහතා සම්බන්ධයෙන් ප්‍රධාන පෙලේ නාහිමිවරුන්ගේ ප්‍රකාශ ගෙන ඒවා මැතිවරණ වේදිකාවේ ඉදිරිපත් කළ බවද වාර්තා වේ.

            එහෙත් දිසානායක මහතාට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කිරීමට නොහැකි වූ අතර ඔහු තරඟ කළ එජාපය දිස්ත්‍රික්කයේ 04 වන ස්ථානයට පත් විය.

            දිසානායක මහතා සිය මැතිවරණ ව්‍යාපාරය සඳහා රුපියල් කෝටි 06කට වඩා වැඩි මුදලක් වියදම් කර තිබෙන බවද සඳහන් වේ.

            ඇමති මණ්ඩලය පත් කිරීමේදී විශේෂයෙන් රාජ්‍ය අමාත්‍යාංශය පවරා දීමේදී ඇතැම් මන්ත්‍රීවරු තමන්ට ලැබුණු අමාත්‍ය ධූරය ගැන නොසතුටින් සිටි අතර බලාපොරොත්තු වූ පරිදි අමාත්‍යධූර නොලැබීම සම්බන්ධයෙන් ඇතැමුන් ප්‍රසිද්ධියේත් තවත් අය අප්‍රසිද්ධියේත් සිය විරෝධය දක්වා තිබුණි.

            මේ සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම අමාත්‍යවරුන්ට දුරකථන ඇමතුම් දී එම අමාත්‍ය ධුරවල ඵලදායීතාව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර දී තිබේ.

            දැනට ලබා දී තිබෙන අමාත්‍යාංශ හරහා ඵලදායී ලෙස කටයුතු කරන ආකාරය ගැන ජනාධිපතිවරයා පැහැදිලි කර ඇති බව සඳහන්.

            ලොහාන් රත්වත්තේ,රංජිත් සියඹලාපිටිය, විජේදාස රාජපක්ෂ,දයාසිරි ජයසේකර, යන අමාත්‍යවරු කිහිපදෙනෙකුටම එලෙස ජනාධිපතිවරයා කතා කර ඇති බව කියවෙයි.

            විශේෂයෙන් විජයදාස රාජපක්ෂ මහතා සිය රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ ද නැති අතර කැබිනට් අමාත්‍යධූරයක් නොමැති නිසා දිවුරුම් දීමේ උත්සවයට පැමිණෙන අතරතුර නැවත හැරී ගොස් තිබුණි.

            මේ අතර ලොහාන් රත්වත්තේ මහතාද තමන් බලාපොරොත්තු වූයේ ස්වර්ණාභරණ අමාත්‍යධූරය නොව මහා මාර්ග රාජ්‍ය අමාත්‍යධූරය බව වැඩ භාර ගනිමින් ප්‍රසිද්ධියේම පැවසීය.

            එමෙන්ම විෂය පථය බෙදීමේදී ඇතැම් විෂයන් සම්බන්ධයෙන් සමාජය තුළ හාස්‍යයක් ගොඩනැගී ඇති අතර ඒ සම්බන්ධයෙන්ද අමාත්‍යවරු සිය අප්‍රසාදය පළ කර තිබේ.

            කෙසේවෙතත් දැනට ලබා දී තිබෙන අමාත්‍ය ධූරවල වෙනසක් සිදුනොවන බවද වාර්තා වෙයි.

            තවමත් නම් කොට නොමැති එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ධූරය සඳහා එම පක්ෂයේ නීති ලේකම් නිශ්ශංක නානායක්කාර මහතා පත් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට තිබේ.

            නානායක්කාර මහතා මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දී 06 මසක පමණ කාලයකින් පසු ඔහුව එම ධූරයෙන් ඉල්ලා අස්වීමට සලස්වා එම පුරප්පාඩුවට පිරවීමට වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට යෑමේ සැලැස්මක් තිබෙන බවට වාර්තා වේ.

            එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය නම් කිරීම සඳහා කල් ඉල්ලීමට වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමට ලිපියක් ද යවා තිබෙන බවට ප්‍රකාශ වේ.