March 29, 2024

මෛත්‍රීගේ විශේෂ තනතුර ජන්ද කාලේ කියපු එකක් - ඒවා දැන් වලංගු නැහැ Featured

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය තනතුරක් ලබාදීම සඳහා එකඟතාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ නොමැති බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි. 

ගාමිණී ලොකුගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (23) මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. 

"ඒක ඒ පක්ෂෙන් අහලා බලන්න ඕනෙ. අපේ පක්ෂෙන් නම් තවම එහෙම එකක් නෑ. මේවා ඉතිං ඡන්ද කාලෙත් කිව්වානෙ අරයාට අර ඇමතිකම දෙනවා, අධිකරණ ඇමතිකම දෙනවා, අරයට අර ඇමතිකම හම්බුවෙනවා කියලා. ඡන්ද ගත්තනෙ, දැන් හම්බු නොවුණාමනෙ ප්‍රශ්නෙ මතුවෙලා තියෙන්නෙ. ඡන්ද කාලෙ එක එක්කෙනා ඡන්දෙ ගන්න විවිධ කතන්දර කියනවා" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය. 

Last modified on Monday, 24 August 2020 12:13