April 27, 2024

රන්ජන්ගෙන් පැය 5ක් විමර්ශන සටහන් ගනී

February 18, 2022

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද(18) දෙවන දිනටත් විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ පොලිස් විමර්ශන ඒකකයට කැඳවා තිබුණා.

පසුගිය යහපාලන සමයේ 2015 වර්ෂය සිට 2019 වර්ෂය තුළ පවරා ඇති නඩු හේතුවෙන් රාජ්‍ය සේවකයන් අගතියට පත් වී එම නඩු හේතුවෙන් රාජ්‍ය සේවකයින් දේශපාලන පළිගැනීම්වලට ලක් වී ඇති බවට ජනාධිපති කොමිසම වෙත පැමිණිලි ලැබී තිබෙනවා.

මෙම දේශපාලන පළි ගැනීම් සම්බන්ධයෙන් උපාලි අබේරත්න කොමිසම 2020 වර්ෂයේ දී ජනාධිපතිවරයා විසින් පිහිටුවා තිබෙනවා.

යහ පාලන සමයේ සිදුවූ එම දේශපාලන පලිගැනීම් වලට ලක්වීමට හේතු වූ කරුණු පිළිබඳව විමර්ශනය කරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ පොලිස් විමර්ශන අංශය වෙත රන්ජන් රාමනායක මහතා විමර්ශන සඳහා කැඳවා තිබෙනවා.

මෙම දේශපාලන පළිගැනීම්වලට ලක් වීමෙන් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් සිදුකෙරෙන විමර්ශන වලට අනුව එවකට රාජ්‍ය අමාත්‍ය ධූරයක් දැරූ රංජන් රාමනායක මහතාගෙන් විමර්ශන සඳහා අදාළ වන කරුණු පොලිස් විමර්ශන ඒකකය විසින් ලබාගෙන තිබෙනවා.

එහිදී දේශපාලන පළිගැනීම්වලට ලක්වූ අය ලෙස හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු හය දෙනෙකු සඳහන් කර තිබෙනවා.

මෙම කරුණු විමර්ශන සඳහා හෙට දිනයේත් රන්ජන් රාමනායක මහතා කැඳවා තිබෙනවා.

Rate this item
(0 votes)