April 27, 2024

රජයේ මුදල් කාරක සභාවට නියෝජිතයන් පත් කරයි : එක මන්ත්‍රීවරියක්වත් නැහැ Featured

පාර්ලිමේන්තුවේ නව සැසිය ආරම්භ කිරීමත් සමග නව කමිටු පත් කළ යුතුව තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුව තේරීම් කාරක සභාව විසින් රජයේ මුදල් කාරක සභාවට පත් කළ නව සාමාජිකයින් නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා විසින් ප්‍රකාශයට පත් කළා.

මන්ත්‍රීවරු 21

ඒ අනුව මන්ත්‍රීවරු 21 දෙනෙකු නියෝජිතයන් ලෙස නම් කෙරුණා.

ඒ මෙසේයි.

බන්දුල ගුණවර්ධන , සරත් වීරසේකර , විදුර වික්‍රමනායක , කාංචන විජේසේකර , ඉන්දික අනුරුද්ධ , නාලක ගොඩහේවා , අනුර ප්‍රියදර්ශන යාපා , විජිත හේරත් , ඩිලාන් පෙරේරා , කුමාර වෙල්ගම , හර්ෂ ද සිල්වා , මනුෂ නානයක්කාර , එම්.එස් සුමන්දිරන් , වෛද්‍ය කාවින්ද ජයවර්ධන , මුජිබර් රහුමාන් , ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් , ඉසුරු දොඩන්ගොඩ , අනුප පැස්කුවල් , නලින් ප්‍රනාන්දු , මහාචාර්ය රංජිත් බණ්ඩාර , ආචාර්ය සුරේෂ් රාගවන් යන මහත්වරුන් රජයේ මුදල් කාරක සභාවට පත් වුණා.

කාරක සභාවේ විශේෂත්වය

මෙහි විශේෂත්වය වන්නේ එක මන්ත්‍රීවරියක්වත් ඊට ඇතුළත් නොකිරීමයි.

ජනපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීමත් සමඟ රජයේ මුදල් කාරක සභාවද අහෝසි වුණා.

Rate this item
(1 Vote)
Last modified on Friday, 21 January 2022 10:39

Related items