April 26, 2024

කිව්වේ සෞභාග්‍යයලන්තය: දෙන්නේ වෙන්දේසිලන්තය - හිඟාකෑම දේශප්‍රේමිත්වයද : විපක්ෂ නායකගෙන් චෝදනා වැලක්

වත්මන් ජනපතිවරයා ජනාධිපතිවරණයේදී රටට ජනතාවට සෞභාග්‍යයලන්තය උරුම කර දෙන බවට පොරොන්දු වූ බව විපක්ෂ සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙනවා.

එහෙත් අද ජනපතිවරයා ජනතාවට උරුම කර දී තිබෙන්නේ වෙන්දේසිලන්තයක් බවයි ඔහු අවධාරණය කරන්නේ.

භූ දේශපාලන ගොදුර

මේ ආණ්ඩුව යටතේ රට ලෝක භූ දේශපාලනයේ ගොදුරක් බවට පත්ව තිබෙන බව විපක්ෂ නායකවරයාගේ මතය වනවා.

රට පුරාවටම තිබෙන ජාතික සම්පත් , ජාතික දේපල , මහජන සම්පත් , මහජන දේපල කුණු කොල්ලයට විදේශිකයින්ට විකුණා අද ලොව වටා ඩොලර් හිඟමනේ යන බවටයි විපක්ෂ නායකවරයා ආණ්ඩුවට චෝදනා කරන්නේ.

මේ දේශප්‍රේමීත්වයද

ඩොලර් හිඟමනේ යෑම දේශප්‍රේමීත්වයද , දේශ ආලයද යන්න විමසූ විපක්ෂ නායකවරයා ජනතාවට මහා පෞරුෂයකින් පොරොන්දු වූ රාජ්‍ය පාලනය මෙයදැයි ප්‍රශ්න කළා.

විපක්ෂ නායකවරයා මේ අදහස් පල කලේ 9 වැනි පාර්ලිමේන්තුවේ 2 වැනි සැසි වාරය විවෘත කරමින් ජනපති වරයා කළ රාජාසන කතාව සම්බන්ධයෙන් පැවති විවාදයේදී.

Rate this item
(0 votes)
Last modified on Thursday, 20 January 2022 11:44