April 26, 2024

ප්‍රථමයෙන් සාකච්ඡා: බැරිනම් දික්කසාදය - ශ්‍රීලනිප ප්‍රශ්නය ගැන ඇමතිගෙන් පොහොට්ටුවට උපදෙසක්

ආණ්ඩුවෙන් ඉවත්වන ලෙසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පොදුජන පෙරමුණ ප්‍රකාශ කිරීම වැරදි බව උදය ගම්මන්පිල අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

විවාහ වී දරු දෙදෙනකු හැදුවට පසු මට ඔබ එපා ගෙදර යන්න කියා කියන්න බැරි බව අවධාරණය කරන අමාත්‍යවරයා තිබෙන ප්‍රශ්න සාකච්ඡා කළ යුතු බවට යෝජනා කරන්නේ.

ප්‍රථමයෙන් සාකච්ඡා මාර්ගයට

එසේ සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසදා ගැනීමට නොහැකි නම් පමණක් දික්කසාදයකට යා යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

පොදු ජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර තියෙන දිග වල තිබෙන එකගතා ගැන නම් තමා නොදන්නා බවය ඔහු සඳහන් කරනවා.

හිටපු ජනපති කරන චෝදනාව

දෙපාර්ශවය අතර එකඟතාවයකට පැමිණීමේදී දුන් පොරොන්දු ඉටු නොකළ බවට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බව පෙන්වා දෙන අමාත්‍යවරයා එසේ දුන් පොරොන්දු මොනවා දැයි දන්නේ තමන් නොව පොදු ජන පෙරමුණේ අය බවයි සඳහන් කරන්නේ.

ගම්මන්පිල අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පුද්ගලික රූපවාහිනි නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ශ්‍රී.ල.නි.පයට ආණ්ඩුවෙන් ඉවත්වන ලෙසට කළ දැනුම් දීම සම්බන්ධයෙන් එහිදී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා ඉහත සඳහන් අදහස් පළ කළේ.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 16 January 2022 10:09