April 27, 2024

ධනසිරිගේ දුක් ගැනිවිලි මුහුණු පොත සටහන ජොනීගේ අවධානයට

මහා මාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා විසින් කොහුවල ගුවන් පාලමට මුල් ගල් තැබීමෙන් පසු නොසිතූ ප්‍රශ්නයක් මතුවුණා.

ඒ එම ප්‍රදේශය අයත් දෙහිවල මැතිවරණ කොට්ඨාසයේ පොදුජන පෙරමුණ සංවිධායකවරයා වන ධනසිරි අමරතුංග මහතාට ඒ අවස්ථාවට ආරාධනා නොකිරීම මුල් කරගෙන.

මුහුණු පොත සටහන

මේ සම්බන්ධයෙන් ධනසිරි අමරතුංග මහතා මුහුණු පොත සටහනක් තබා තිබ්බේ "මහා මාර්ග ඇමතිතුමා කොහුවලට පැමිණ ගුවන් පාලමක් හැදීමට මුල්ගල් තැබීම මම දැනගත්තේ පුද්ගලික කාරණයකට නුගේගොඩට යන අතර මගදී. මේක අපි හදපු ආණ්ඩුව අපිව අමතක කලත් මම මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට පණ වගේ ආදරෙයි." මැයින් සඳහන් කරමින්.

එම මුහුණු පොත සටහන බොහෝ දුර දිග ගියා.

මේ ආරංචි වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සිය නිලධාරීන්ට දැනුම් දුන්නේ තමන්ට හැමදේම සොයා බලන්න බැරි බවත් , උත්සවයක දී අදාළ ආසනයේ ආණ්ඩු පක්ෂ දේශපාලන නායකත්වයට ආරාධනා කිරීම ගැන සොයා බලන ලෙසටයි.

වැරැද්ද නිවැරැදි කර ගැනීම

යළිත් එවැනි අත්වැරැද්දක් සිදු නො වීම වළක්වා ගැනීම සඳහා කුරුණෑගල අධිවේගී මාර්ගය විවෘත කිරීමේ උත්සවයට සමගාමීව පැවැති පාපැදි තරගයේ සමාරම්භක අවස්ථාවට පොදු ජන පෙරමුණ මීරිගම ආසන සංවිධායකවරියට පුද්ගලිකවම ආරාධනා කිරීමට ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා පියවර ගෙන තිබුණා.

ඒ අනුව ආසන සංවිධායකවරයා වන කෝකිල හර්ෂනි මහත්මිය මෙන්ම පළාත් පාලන නියෝජිතයින් පැමිණ සිටීදැයි අමාත්‍යවරයා පුද්ගලිකවම සොයා බැලූ බවයි දැනගන්නට තිබෙන්නේ.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 16 January 2022 09:37

Related items