April 27, 2024

කෘෂි ඇමැති මහින්දානන්දගේ බොරුව අතේ පත්තු වෙයි

December 18, 2021

නීතිපතිවරයාගේ උපදෙස් මත චීන පොහොර සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 6.7ක් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතීන්වලට අනුව පොහොර තොගය ප්‍රති නිෂ්පාදනය කරන ලෙස අදාළ සමාගමට දැනුම් දී ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ.

අහිතකර බැක්ටීරියා අඩංගු කාබනික පොහොර තොගයක් රැගෙන පැමිණීම හේතුවෙන් අදාළ නෞකාවේ තිබූ පොහොර තොගය මෙරටට ලබා ගැනීම ප්‍රතික්ෂේප කෙරුණා.

ඒ අනුව බොහෝ කාලයක් දිවයින වටා මුහුදේ සැරි සරමින් තිබූ අදාළ නෞකාව බේරුම්කරණ අධිකරණයකට යන බව පවසමින් පසුගිය 4 වැනිදා මෙරට මුහුදු සීමාවෙන් පිටව ගියා.

එලෙස පිට ව යන බවට තමා දැනුවත් කර ඇති බව ද පසුගිය 8 වන දා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඉන් අනතුරුවයි නීතිපති උපදෙස් මත අදාළ නෞකාව අයත් සමාගමට මෙලෙස ඇමරිකානු ඩොලර් මිලියන 6.7ක් ගෙවීමට රජය තීරණය කර ඇත්තේ.

කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා මිට පෙර මුදල් නොගෙවන බවට පොරොන්දුවක් ද ලබා දී තිබුණා.

චීන පොහොර නැව සම්බන්ධ ගැටලුව නීතිපති උපදෙස් අනුව සමතයකට පත්කර ගත් බවත් ඒ අනුව ඩොලර් මිලියන 6.7 ක් ගෙවීමෙන් පසු අපට අවශ්‍යය ප්‍රමිතියට අනුව අදාළ පොහොර යළි මෙරටට ලබා දීමට චීන සමාගම එකඟ වී තිබෙන බවත් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

අදාළ පොහොර තොගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කිසිදු ආකාරයක වන්දි මුදලක් ගෙවා නොමැති බවත් වාණිජ අධිකරණයේ පවතින නඩුව සමතයකට පත්කර ගන්නා ලෙස නීතිපතිවරයා දුන් උපදෙස්  අනුව දෙපාර්ශවය සමතයක් සඳහා එකඟ වී තිබෙන බවත් ඒ මහතා සඳහන් කළා.

කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ වාර්ෂික සම්මේලනය ගන්නෝරුවේදී පැවැති අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළා.

එහිදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේද සඳහන් කළා.

"අපි කාටවත් වන්දි ගෙවලා නැහැ. මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා අපි වන්දි ගෙව්වා කියලා. කාරණා නොදැන කතා කිරීම වැරදියි. එතුමාගේ කාලයේ එයාර් බස් සමාගමට ඩොලර් මිලියන 110ක වන්දියක් ගෙව්වා. ලංකාවට පොහොර මෙට්‍රික් ටොන් 20,000 ක් ආනයනය කරන්න චීන සමාගමකට බාර දුන්නා. ඔවුන් ඩොලර් මිලියන 05 ක ඇපකරයක් අපට ලබාදී තිබෙනවා. ඒ ටෙන්ඩරයට අනුව නැව ලංකාවට ආවම අපි ගෙවිය යුතු මුදලින් 75% ක් ගෙවන්න ඕන. පොහොර වල ප්‍රමිතිය හොඳ නැති නිසා අපි අධිකරණයට ගිහින් ඒ 75% ගෙවන එක නතර කළා. වාණිජ අධිකරණයේ නඩුව යන අතර නීතිපතිවරයා දෙපාර්ශවය කැඳවලා සමථයකට යෝජනා කළා. ඒ කොන්දේසි අනුව අදාළ මුදල  75% ක් ගෙවිය යුතුයි කියලා. ඒ අනුව නීතිපති උපදෙස් අනුව සමතයකට පත් වුණා. අපිට ඩොලර් මිලියන 05 ක ඇපකරයක් තියලා තියෙනවා. ඩොලර් මිලියන 6.7 ක් අපි ගෙවනවා. නැව ආපසු චීනයට යනවා. අපි ඉල්ලන ප්‍රමිතියට අනුව පොහොර ටික හදලා අපේ සත්ත්ව හා ශාඛ නිරෝධායන ආයතනයට යළි සාම්පල් යොමු කෙරෙනවා. එහිදී පරීක්ෂා කරලා අදාළ ප්‍රමිතිය තිබෙන බව සහතික කළොත් ඒ පොහොර නැව ආපසු ලංකාවට එනවා. මෙතන කිසිදු වරදක් වෙලා නැහැ. සිද්ධ වුණු එකම දේ නියමිත වෙලාවට පොහොර නොලැඹීම පමණයි. එසේ නොමැතිව කාටවත් වන්දි ගෙවීමක් හෝ වංචාවක් වෙලා නැහැ. පොහොර වල ප්‍රමිතියේ ප්‍රශ්නයක් නිසා යම් ප්‍රමාදයක් වුණා. නීතිපතිවරයා කිව්වේ වාණිජ අධිකරණයේ පවතින නඩුව සමතයකට පත්කර ගන්න කියලා. ඒ අනුව දෙපාර්ශවය සමතයකට පත්කර ගැනීම තමයි වුණේ."

පොහොර ආනයනය කිරීමට පෙර අපි ජත්‍යන්තර ලංසුවක් කැඳවලා තියෙනවා. ඒක කැඳවීමේදී ජීවානුහරණය කරන ලද පොහොර සපයන්න ඒ සමාගම එකඟ වෙලා තියෙනවා. ඒ අනුව ඩොලර් මිලියන 05 ක ඇපකරයක් තියලා තියෙනවා. ඒක තමයි කොන්දේසිය. කිසිදු නිලධාරියෙකු අතින් වරදක් වෙලා නැහැ. මේක තමයි ක්‍රමය. එල්.සී විවෘත කළා. මේක තමයි ක්‍රමය. ඒ අනුව පොහොර සමාගම අපිට සාම්පල් එව්වා. ඒවා ප්‍රමිතියට නැහැ කියලා අපි ප්‍රතික්ෂේප කළා. මීට කලිනුත් මේ විදිහටම ලංකාවට ආනයනය කරන ලද පොහොර ප්‍රමිතිය නැතුව ආපසු හරවා යවා තිබෙනවා. පසුව නැවත ප්‍රමිතියට යටත්ව ඒවා ලබා ගෙන තිබෙනනවා. මේකේ වරදක් වෙලා නැහැ. සැප්තැම්බර් 20 වන විට නියමිත ප්‍රමිතියට අනුව මේ පොහොර නැව ආවා නම් අපේ රටේ කිසිදු අර්බුදයක් එන්නේ නැහැ. කිසිදු ගොවියෙක් පාරට බහින්නේ නැහැ. අපි සැළසුම් කර තිබුණේ හරිත කෘෂිකර්මාන්තයට අවශ්‍යය පොහොර ටික නියමිත වෙලාවට ලබා ගන්නයි. ඒක නොපැමිණීම නිසා තමයි අපිට සියලු ප්‍රශ්න ඇති වුණේ. මේවා වැරදි ලෙස අර්ථකතනය කරන්න එපා. මෙතන වැරද්දක් වෙලා නැහැ.නීතිපති උපදෙස් අනුව තමයි මේ තීන්දුව ගත්තේ. වී ගොවිතැන සඳහා හරිත කෘෂිකර්මාන්තය ආරම්භ කරන්නේ. සහනාධාරිය දෙන්නේ කාබනික කෘෂිකර්මාන්තටයි. හරිත කෘෂිකර්මාන්තයට නැඹුරු වන ගොවීන්ට ආධාර දෙනවා. අනිකුත් අයට රසායනික පොහොර මිලදී ගෙන වගා කටයුතු කළ හැකියි. මේ මහ කන්නයට රසායනික පොහොර ගෙන්වන්න විදිහක් නැහැ. සාමාන්‍යයෙන් පොහොර ආනයනය කරන්න  මාස 02  ක් විතර යනවා. ඊළඟ යලට තමයි පොහොර ගේන්න වෙන්නේ. එළවළු වලට පළිබෝධ නාශක තිබෙනවා. අපි කරන වැඩසටහනේ හොඳ ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. සෞඛ්‍ය, පරිසර අමාත්‍යාංශ මේකට සහය දුන්නේ නැහැ. මාධ්‍ය මෙහි හොඳ පැත්ත කතා කළේ නැහැ. ඒ ගැන කනගාටු වෙනවා.

කෘෂිකර්මාන්ත දෙපාර්තුමේන්තුව මොන තරම් පර්යේෂණ කළත් වැඩක් නැහැ ඒවා ගොවියා ළගට යන්නේ නැත්නම්. ව්‍යාප්ති සේවය තිබෙන්නේ පළාත් සභාවට. අපි රජය තුළ මේ ගැන සාකච්ඡා කරගෙන යනවා. තාක්ෂණය අතින් අපි උපරිම තලයක සිටියත් වැඩක් නැහැ ඒවා ගොවියාට යන්නේ නැත්නම්. නිෂ්පාදනය වැඩි කරන්න තාක්ෂණය අත්‍යවශයයි. ඒ සඳහා මුදල් වෙන් කරනවා. වකුගඩු පිළිකා රෝගීන් කොච්චර වැඩි වෙනවද. මේ ගැන ලෝකයේ රටවල් ගණනාවක් පර්යේෂණ කරලා තියෙනවා. ඇමරිකාව වගේ රටවල මේ වල් නාශක භාවිත කරලා ලෙඩ හැදුණු මිනිස්සු වෙනුවෙන් කෝටි ගණන් වන්දි ගෙවලා තියෙනවා. අපේ සෞඛ්‍ය අමාත්‍යාංශය මේ ගැන කිසිදු දෙයක් හොයලා බලලා නැහැ. වත්මන් සෞඛ්‍ය ඇමැතිවරයා වෙනම කාර්යසාධක බළකායක්  පත් කළා රසායනික පොහොර  මගින් සිදුවන හානිය පිළිබඳ සොයා බලන්න. දැන් ඒ පර්යේෂණ ආරම්භ වෙනාවා. ඔස්ට්‍රේලියාවේ හෙක්ටයාර් ලක්ෂ 36 ක් කාබනික වගාව කරනවා. ඉන්දියාව ලක්ෂ 32 ක්. අපේ ලක්ෂ 16 යි. මේක අභියෝගයක්. පහසු නැහැ. ගොවියෝ අකමැතියි. මේක අසාර්ථක වෙන්න මාධ්‍යයත් එක පැත්තකින් වග කියන්න ඕන. රජය මේකට වගකියන්න ඕන. රජය මේක ඉදිරියට අරගෙන ගියේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශය පරිසර අමාත්‍යාංශය මේ වෙනුවෙන් පෙනී සිටියේ නැහැ. ජනාධිපති කාර්ය සාධක බළකායක් පත් කළා. ඒ කවුරුවත් වැඩ කළේ නැහැ. අවසානයේ කෘෂිකර්ම ඇමැති ලෙස මට තනියම ඇදගෙන යන්න වුණා. මේක මගේ පෞද්ගලික තීන්දුවක් නොවෙයි. ජනාධිපති  තුමා වෙනුවෙන් මේ තීන්දුවේ මම හිටියා. මේක ජනාධිපතිතුමාගේ තීන්දුව. මොන අභියෝග ආවත් පහරදීම් කළත් සංකල්පය හොඳනිසා ඒ වෙනුවෙන් පෙනී සිටියා. මේ වන විට ගොවීන්ට පොහොර වර්ග හතරක් දෙමින් යනවා. කාබනික පොහොර සඳහා රුපියල් 7500.00 ගානේ ගොවීන් ලක්ෂ 08 කට ගෙවලා තියෙනවා. ජෛව දියර පොහොර ලීටර 10 ක ගානේ දීලා. පොටෑසිම් ක්ලෝරියඩ්  කිලෝ 55 ගානේ දීලා තියෙනවා. නැනෝ නයිට්‍රජන් දෙමින් යනවා. දීපු පොහොර වල වගකීම බාරගෙන තිබෙනවා. මේ පොහොර භාවිත කරලා අස්වැන්න අඩු වුණොත් ඒක පරිපූර්ණය කරන්න වන්දිය ගෙවනවා. බීජ විශාල ප්‍රහාණයක් ආනයන යකරනවා මිරිස් ළූණු අල බීජ ගේනවා. අපි ඉදිරි වසර 04 දී ආනයනය කරන බීජ 95 % කින් නතර කරලා ඒවා රටේ නිෂ්පාදනය කරනවා."

(මහනුවර - කේ .එල්. සුරවීර)                                               

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 18 December 2021 16:27