April 26, 2024

කෙහෙළිය, මහින්දානන්ද එක්ව අලුත් බලකායක් පිහිටුවයි

December 16, 2021

සෞඛ්‍ය අමාත්‍යවරයා හා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇතුළු එම අමාත්‍යාංශයන්හි නිලධාරීන් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගනු ලැබුවා. එම කාර්ය සාධන බලකාය සඳහා සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයකින් යුත් ස්වාධීන කණ්ඩායමක් පත්විය යුතු බවත් ඒ සඳහා පුළුල් අධ්‍යයනයක් සිදු කිරීම සඳහායි මෙම විශේෂ කාර්ය සාධන බලකායක් පිහිටුවුයේ.

මේ සඳහා වන වැඩපිළිවෙල ඉදිරි සතිය තුළ ආරම්භ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන්නා.

එමෙන්ම ගෙවුණු වසර කිහිපය තුළ මේ පිළිබඳව කෙරුණු යම් යම් අධ්‍යයනයන් සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ යුතු බවත් ඒ මහතා පැවසුවා.

මේ අතර රසායනික පොහොර භාවිතය වැළැක්වීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය ගෙන යන වැඩපිළිවෙලට සෞඛ්‍ය හා පරිසර අමාත්‍යාංශ වල සහයෝගය අත්‍යවශ්‍ය බවත් මෙය ඉහළම ජාතික වැඩපිළිවෙලක් බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී පෙන්වා දුන්නා.

මේ අතර මේ වන විට මෙරට දිස්ත්‍රික්ක 16ක් පුරා වකුගඩු රෝගය ව්‍යාප්තව ඇතැයිද ගෙවුණු වසර කිහිපයෙහි එහි සිඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කෙරෙන බවද මෙහිදී අනාවරණය වුණා.

1994 වසරේ සිට වසරින් වසර මෙරට වකුගඩු රෝගීන්ගේ විශාල ඉහළ යාමක් පෙන්නුම් කෙරෙන බවත්, ඉන් වැඩි ප්‍රමාණයක් අනුරාධපුර ඇතුළු උතුරුමැද ප්‍රදේශ වලින් වාර්තා වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙනවා. 

වකුගඩු රෝගය හේතුවෙන් 70% ක් පමණ වයස්ගත පුරවැසියන්ගේ මරණ මෙයට පෙර වාර්තා වුවද මේ වන විට අවුරුදු 35 -40 අතර වයස්හි පුද්ගලයන් මියයාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවද මේ සාකච්ඡාවේදී අනාවරණය වුණා.

මේ අතර රසායනික ද්‍රව්‍ය අවභාවිතා කරමින් සිදු කරගනු ලබන ජීවිත හානි අවම කර ගැනීම සඳහා වන අවශ්‍ය මැදිහත්වීම කරන ලෙස  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පසුගියදා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලා සිටියා. පසුගියදා ජිනීවා නුවර පැවති ලෝක සෞඛ්‍ය සංවිධානයේ සැසියකට සහභාගී වෙමින් ඒ මහතා මෙම ඉල්ලීම කළේ.

Rate this item
(1 Vote)
Last modified on Friday, 17 December 2021 13:44