March 28, 2024

මම වැඩ කරන්නේ මගේ සිරිතට අනුවයි: කෙහෙළියගෙන් වෘත්තීය සමිති වලට පණිවිඩයක්

February 25, 2022

කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා මේ දිනවල ප්‍රසිද්ධිය වී සිටින්නේ රු. කෝටි දෙකකට වැඩි විදුලි බිලක් නොගෙවීම නිසා.

ඊට පෙර ඔහු ප්‍රසිද්ධව සිටියේ සෞඛ්‍ය වෘත්තීය සමිති සමඟ කළ සාකච්ඡා අසාර්ථක වීම මත ඇති වූ වැඩ වර්ජන නිසා.

මගේ ප්‍රතිපත්තිය

ඒ වැඩ වර්ජන වලට මුල් වූ වෘත්තීය සමිති සමඟ කළ සාකච්ඡාවලදී තමන් අනුගමනය කළ ප්‍රතිපත්තිය පිලිබඳවත් එම සාකච්ඡාවලදී එම වෘත්තීය සමිති තමන්ට දැක්වූ ප්‍රතිචාරය පිළිබඳවත් හෙළිදරව්වක් ප්‍රථමවරට ඔහු කර තිබෙනවා.

"මගේ සිරිතක් තියෙනවා සලකලා බලන්නම් වගේ වචන පාවිච්චි නොකිරීමට.බැරිනම් කෙලින්ම බැහැ කියනවා."

තමන්ගේ ප්‍රතිපත්තිය ගැන ඇමතිවරයා කියන්නේ ඒ විදිහට.

වෘත්තීය සමිති ප්‍රතිචාරය

ඒ එක්කම වෘත්තීය සමිතිද තමන්ට ප්‍රතිචාර දැක්වූ ආකාරය ගැන ඇමතිවරයා කියන්නෙ මේ විදියට.

"මම කෙලින්න මගේ වචනය කිව්වට පස්සේ වෘත්තීය සමිති නායකයින් හොඳයි එහෙනම් අපි මෙහෙම කරමු කියලා එකඟවෙලා එලියට ගිහින් පැය දෙකකට පස්සෙ මට තුණ්ඩුවක් එවනවා අපි සටන දිගටම කරගෙන යනවා කියලා."

වෘත්තීය ප්‍රශ්න උද්ඝෝෂණවලින් වර්ජන වලින් විසඳන්න පුළුවන් කියන කාරණය තමන් පිළි නොගන්නා බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කරන්නේ.

කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා මේ අදහස් පළකර තිබුණේ සති අන්ත ජාතික පුවත්පතක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 01 March 2022 03:17