May 02, 2024

තවත් ඛේදවාචකයක් : පෙදරේරුවකු කපා කොටා ඝාතනය කරලා

December 07, 2021

අක්මිමන තල්ගම්පල ජනාධිවත්ත ප්‍රදේශයේ දි තිදරු පියෙකු තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කොට ඇති බැව් අක්මිමන පොලිසිය පවසයි.

ඝාතනයට ලක්වු පුද්ගලයාගේ මළ සිරුරු අද (07) උදෑසන ඔහුගේ නිවසට යන මාර්ගයේ තිබි හමුවි ඇති බැව් පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කොට ඇත්තේ අක්මිමන ජනාධිවත්ත තල්ගම්පල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මුරුක්කුආදුරගේ සුරේෂ් විජිත කුමාර (41) නැමති  පෙදරේරුවෙක්.

ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ බිරිද අක්මීමන හියාරේ දිවෙල්වත්ත ප්‍රදේශයේ දරුවන් සමග පදිංචිව සිටින අතර මොහු තල්ගම්පල ජනාධිවත්තේ නිවසේ තනිවම පදිංචිව සිට තිබෙනවා.

ඊයේ (06) රාත්‍රි ජනාධිවත්ත ප්‍රදේශයේ නිවෙස් හිමියකු විසින් ඔහුගේ නිවසට ගල්ගසන බවට අක්මිමන පොලිසියට දුරකථන ඇමතුමක් ලබාදි තිබෙනවා. ඉන්පසු අක්මිමන පොලිසියේ නිලධාරින් පිරිසක් එම ස්ථානයට ගොස් තිබෙනවා. පොලිස් නිලධාරින් පැමිණෙනු දැක ඝාතනයට ලක්වු පුද්ගලයා  දිවගොස් ඇති බවද පොලිසිය පවසයි. ඝාතනයට ලක්වු පුද්ගලයා තම නිවසේ සිට රාත්‍රි 11.00ට පමණ වෙළදසැලකට ගොස් ඇති බව පරික්ෂණවලදි අනාවරණය වී තිබෙනවා.

මෙකි පුද්ගලයාගේ ගෙල තියුණු ආයුධයකින් පහරදි කපා කොටා  ඝාතනය කොට මාර්ගයේ තිබියදි අද (07) උදැසන සොයාගෙන තිබෙනවා. ඝාතනයට ලක්වු පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්විමට නියමිතව තිබු අතර අක්මිමන පොලිසිය මෙකි ඝාතනය පිළිබද පරික්ෂණ පවත්වයි.

 

 

Rate this item
(0 votes)