April 27, 2024

යාපනයේ නිවසකින් මන්ත්‍රීවරයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

December 01, 2021

යාපනය චාවකච්චේරි පොලිස් වසමේ තනංකිලිප්පු අරුකුවේලි ප්‍රදේශයේ පිහිටි නිවසක් තුල තිබී හිටපු ටී.එන්.ඒ. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ මළසිරුරක් අද (01) උදෑසන සොයාගත් බවට චාවකච්චේරි පොලීසිය පැවසුවා.

මෙලෙස නිවසක් තුලදී මියගොස් ඇත්තේ වලිකාමම් නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ දෙමළ ජාතික සන්ධානයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වූ 51 හැවිරිදි සුබ්‍රමිණියම් සිවපාලන් නැමති අය බවට හඳුනාගෙන ඇතැයිද පොලීසිය පවසයි.

හිටපු මන්ත්‍රීවරයාඅරකුවේලි ප්‍රදේශයේ පිහිටි අදාල නිවසේ තනිවම කාලය ගත කොට ඇති බවටත් මිය යාමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතරම නිවසේ සිටින අතරතුර කිසියම් අසනීප තත්වයක් ඇති වී මිය යන්නට ඇති බවටත් පොලීසිය සැක පලකර සිටියි.

අදාල නිවසින් දැඩි දුර්ගන්ධයක් හැමීම හේතුවෙන් ප්‍රදේශවාසියෙකු විසින් ඒ පිළිබඳව චාවකච්චේරි පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් විසින් නිවසට පැමිණ පරික්ෂා කිරීමෙන් පසුව මෙම මළසිරුර සොයාගනු ලැබුවා.

අනතුරුව පොලිස් නිලධාරීන් විසින් අදාල නිවසට ගොස් පරික්ෂා කර ඇති අතර මළ සිරුර මේ වන විට පශ්චාත් මරණ පරික්ෂණයට යොමු කොට ඇති අතරම පී.සී.ආර්. පරික්ෂණයක්ද සිදුකිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන චාවකච්චේරි පොලීසිය වැඩිදුරටත් පැවසුවා.  

(වන්නි - රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)