April 27, 2024

මේ මාසයේ රට වසා දමනවාද? රජයේ තීරණය මෙන්න

December 01, 2021

එළඹෙන උත්සව සමයේ රට වසා දැමීමේ තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ(30) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මේ අතර, නව ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය මෙරටට සම්ප්‍රේෂණය වීමේ හැකියාව ඉතා අවම මට්ටමක පවතින බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, එම ප්‍රභේදය ආසාදිත වූවන් නොදැනුවත්ව හෝ මෙරටට ඇතුළු විය හැකි බවයි කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත මහතා හේරත් කියා සිටියේ.

එසේම, නව ප්‍රභේදයේ ආසාදිතයින් හදුනාගත හැක්කේ, නියැදි පරීක්ෂණ හරහා පමණක් බවද ඔහු කියා සිටියා.

Rate this item
(0 votes)