April 26, 2024

ආණ්ඩු - සිරිසේන ගැටුමෙන් කථානායකත් අසරණයි : ප්‍රශ්නය පාර්ලිමේන්තුවට ගන්න එපා යයි සජිත් පිල ඉල්ලයි Featured

November 26, 2021

ආණ්ඩුව හා මෛත්‍රිපාල සිරිසේන මහතා අතර ඇති ගැටුම පාර්ලිමේන්තුවට ගෙන එම නිසා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට නොහැකි බවට සමගි ජනබලවේගය චෝදනා කළා.

ඒ කතානායකවරයා වෙතට.

මන්ත්‍රීගේ විරෝධය

සමගි ජන බලවේගය වෙනුවෙන් එම චෝදනාව කළේ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා.

ඔහු කතානායකවරයාට පෙන්වා දුන්නේ හැමදාම ආණ්ඩුව හා සිරිසේන මහතා අතර ඇති ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ වාද කිරීම නිසා එදිනට නියමිත න්‍යාය පත්‍රයේ වැඩ කරගෙන යෑමට බැරි බවයි.

ප්‍රශ්නය එළියෙ තියාගන්න

ඒ නිසා ආණ්ඩුව ඇතුළේ තියෙන ප්‍රශ්නය එලියෙ බේරගන්න ලෙසත් එය පාර්ලිමේන්තුවට ගෙන නොවෙන ලෙසටත් මන්ත්‍රීවරයා ඉල්ලා සිටියා.

ඒ ප්‍රශ්නය පාර්ලිමේන්තුවට ගෙන ඒමෙන් සිදුවන්නේ එය විසඳීමට ඔබට මැදිහත් වීමට සිදුවීම බව මන්ත්‍රීවරයා කතානායකවරයා අමතා සඳහන් කළා.

ඊට පිළිතුරු ලෙස කතානායකවරයා සඳහන් කළේ විශේෂ ප්‍රකාශයක් කිරීමට රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යවරයා කාලය ඉල්ලූ බැවින් අවස්ථාව ලබා දුන් බවයි.

ආණ්ඩු - සිරිසේන ගැටුමෙන් කථානායකත් අසරණ වේ : ප්‍රශ්නය එළියේ බේරගන්න යයි සජිත් පිල කියයි

Rate this item
(0 votes)
Last modified on Friday, 26 November 2021 10:51