April 27, 2024

අධිවේගී මාර්ගයේ මුදල් ගෙවීමට අලුත් ක්‍රමවේදයක් එයි

November 24, 2021

අධිවේගී මාර්ගවල ගාස්තු අය කිරීම ඩිජිටල්කරණය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව අධිවේගී මාර්ගවල අතින් ගාස්තු ගෙවීම එකතු කිරීමේ දොරටු සඳහා ද LANKAQR හඳුන්වා දීමට නියමිතයි.

මෙම නව ක්‍රමවේදය හරහා සිය ජංගම දුරකතනයේ අදාළ මුදල් සටහන් කර ඕනෑම බැංකුවක LANKAQR සක්‍රීය ජංගම ගෙවීම් යෙදුමක් හරහා ගාස්තු අය කිරීමේ ගේට්ටුවේ ඇති QR කේතය පරිලෝකනය කිරීමෙන් තත්පර 8-10 ත් අතර කාලයක් තුළ අදාළ ගෙවීම් සිදු කිරීමට රියැදුරන්ට හැකියාව ලැබෙනු ඇත.

රජය විසින් ශ්‍රී ලංකාව තුළ භෞතිකව මුදල් භාවිතය අවම කිරීමේ අරමුණ සහිතව LANKAQR ගෙවීම් ක්‍රමවේදය ප්‍රචලිත කිරීම සඳහා සියලුම බලපත්‍රලාභී මූල්‍ය ආයතන සමඟ එක්ව කටයුතු කරමින් සිටියි.

එහි එක් පියවරක් ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කළමනාකරණය කරනු ලබන අධිවේගී මාර්ගවල අතින් ගාස්තු ගෙවීම් එකතු කිරීමේ දොරටු සඳහා ද LANKAQR හඳුන්වා දීමට යෝජනා වී තිබෙනවා.

ඒ අනුව, එකී ගෙවීම් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම පිණිස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

Rate this item
(0 votes)

Related items