හෝමාගම, ගලවිලත්ත ප්‍රදේශයේ නිවසකට අනවසරයෙන් විදුලිය ලබා ගැනීමේ සිද්ධියට අදාළව මහරගම, නගරාධිපතිවරයාගේ පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විදුලිබල මණ්ඩලයේ විශේෂ වැටලීම් ඒකකයේ නිළධාරීන් පිරිසක් විසින් ඊයේ(23) රාත්‍රීයේ නීත්‍යානුකූල නොවන ලෙස විදුලිය ලබා ගෙන තිබූ බවට පැමිණිල්ලක් ලද හෝමාගම, ගලවිලවත්ත ශාන්ති මාවත ප්‍රදේශයේ පිහිටි එම නිවස පරීක්ෂා කිරීමේදී අදාල නිවසට විදුලි කණු දෙකකින් නීත්‍යානුකූල නොවන ලෙස අනවසරයෙන් නිවසට විදුලිය ලබා ගෙන තිබූ බවට අනාවරණය වී තිබෙනවා.
හෝමාගම විදුලි බල මණ්ඩලයේ සේවකයින් යොදවා අදාල අනවසර විදුලි ලබා ගැනීම් විසන්ධි කිරීමට කටයුතු කල ඇති අතර නිවසේ හිමිකරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරීමට කටයුතු කල බව පොලිසිය පැවසුවා.
මෙලෙස අත් අඩංගුවට ගත් නිවසේ හිමිකරු මහරගම නගර සභාවේ නගරාධිපති ටිරාජ් ලක්රුවන් මහතාගේ පියා වන බවට හදුනාගෙන ඇති අතර මෙම අවස්ථාවේදී නගරාධිපතිවරයා දැඩි නොසන්සුන් ලෙස හැසිරෙන ආකාරයද දැකගත හැකි වූ බවයි අප වාර්තාකරු පැවසූවේ.
මහරගම නගර සභාවේ නගරාධිපති ටිරාජ් ලක්රුවන් මහතා මෙහිදී පොලීසියට හා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන්ට එහිදී ප්‍රකාශ කර ඇත්තේ එම කටයුතු සිදු කළේ සිය වරප්‍රසාද යටතේ බවයි.
මෙය සම්පූර්ණයෙන් දේශපාලන පළිගැනීමක් බව ද ඔහු කියා සිටියා.
එම වීඩියෝව පහතින්,
මීගොඩ - බුද්ධික කුමාරසිරි