April 26, 2024

"කින්නියා පාලම් පාරු සේවය ආරම්භ කළේ අපි නෙවෙයි" - ජොන්ස්ටන්ගෙන් ප්‍රකාශයක්

November 24, 2021

කින්නියා පාලම් පාරුවේ සිද්ධිය මිනීමැරුමක් බවත් එම මිනීමැරුමට අදාළ සියලු දෙනා නීතිය හමුවට ඉදිරිපත් කොට දඬුවම් ලබා දෙන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කරනවා.

කින්නියා පාලමට ඇස්තමේන්තු නොකර හා ටෙන්ඩර් කැඳවීමකින් තොරව මුල්ගල් තැබුවේ යහපාලන ආණ්ඩුව බව පැවසූ අමාත්‍යවරයා, තම රජය පැමිණීමෙන් අනතුරුව ඇස්තමේන්තු කර පාලමේ කොටසක් සෑදූ බවත් සඳහන් කළා.

ඇතැම් අය මෙම සිදුවීමේ වරද රජය මත පැටවීමට උත්සාහ දරන බව පවසන අමාත්‍යවරයා, එම සිදුවීමෙන් විපතට පත් පවුල්වල සියලු දෙනාට ශෝකය පළ කළා.

පාලම සෑදිමේ දී ජනතාවට අතුරු මාර්ගයක් ලබා දී තිබෙන අතර, එම මාර්ගය කිලෝ මීටර් තුනක් දුර හෙයිනුයි ජනතාව එය භාවිත කර නොතිබෙන්නේ.

එසේම මෙම පාරු සේවය තම රජයෙන් ආරම්භ කල එකක් නො වන බව ද අමාත්‍යවරයා කියා සිටියා.

රටේ නීතිය අනුව මෙම සිදුවීම මිනී මැරුමක් බව සඳහන් කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිද්ධිය පිළිබඳ රජයට ඇඟිල්ල දිගු නොකරන ලෙසයි විපක්ෂයෙන් ඉල්ලා සිටියේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 25 November 2021 01:10