May 08, 2024

කින්නියා සිද්ධිය සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

November 24, 2021

ත්‍රිකුණාමලය - කින්නියා කලපුවේ පාලම් පාරුවක් පෙරළී හයදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාලම් පාරුවේ හිමිකරු ඇතුළු පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනෙක් අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා පාලම් පාරුවේ ක්‍රියාකරුවන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා කියා සිටියේ. 

දෙදෙනෙකු ත්‍රිකුණාමලය පොලීසියට සහ සෙසු පුද්ගලයා කින්නියා පොලීසියට භාර වීමෙන් අනතුරුවයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

Rate this item
(0 votes)