April 27, 2024

ජල සම්පාදන මණ්ඩලයත් ඈවරයි - දේපල විකුණන්න යයි

November 30, 2021

පාරිභෝගිකයන් විසින් රුපියල් කෝටි 700 ක පමණ හිග බිල්පත් මුදලක් මුදල් ගෙවිය යුතුය ඇතැයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

විදුලි බිල සහ ක්ලෝරින් මිල ඉහළ යාම හේතුවෙන් මන්ඩලයේ දෛනික වියදම ඉහළ ගොස් ඇති බවයි එහි සභාපති නිශාන්ත රණතුංග මහතා පෙන්වා දෙන්නේ.

මේ තත්ත්වය මත මණ්ඩලය සතු දැනට ප්‍රයෝජනයට නොගන්නා ඉඩම් විකුණා හෝ ආදායමක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් ඔහු ප්‍රකාශ කළා.

කොරෝනා ව්‍යාප්තියත් සමග ජනතාවගේ ආදායම් මාර්ග අවහිර වීම නිසා යම් යම් සහන ජල පාරිභෝගිකයන්ට ලබා දීමට හේතුවෙන් මෙම මූල්‍ය අර්බුද ඇති වී තිබෙන බවද ඔහු පෙන්වා දෙනවා.

පේරාදෙණියදී පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මෙසේ කියා සිටියා.

Rate this item
(0 votes)
Last modified on Monday, 29 November 2021 23:33