May 19, 2024

පනතට අලි සබ්රි ඡන්දෙ දීලත් නැහැ: පොහොට්ටු ලේකම් හෙලිකල රහස

කොළඹ වරාය ආර්ථික නගර පනත් කෙටුම්පතට එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අධිකරණ ඇමැති අලි සබ්රි මහතා ඡන්දය ප්‍රකාශ කොට නොමැති බව අද (5) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් වුණා.

ඒ බැව් හෙළිදරව් කළේ අලි ෂබ්රි හා ජයරත්න හේරත් යන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් එම පනත් කෙටුම්පතට ඡන්දය විමසන අවස්ථාවේ සභා ගැබේ සිටියද ඊට ඡන්දය දීමෙන් වැළකී සිටීම සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ මහා ලේකම් සාගර කාරියවසම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ වරප්‍රසාද ප්‍රශ්නයක් නිසා.

පරීක්ෂණයට කමිටු දෙකක්

මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉකුත් මැයි මස පොදුජන පෙරමුණ මහා ලේකම්වරයා කථානායකවරයාගෙන් කර තිබෙන ඉල්ලීමකට අනුව කතානායකවරයා ඒ ගැන සොයා බැලීමට කමිටු දෙකක් පත් කොට තිබෙනවා.

කතානායක වරයා එසේ පත් කළ ජයන්ත ද සිල්වා කමිටුව හා ධම්මික කිතුල්ගොඩ කමිටු දෙකේ නිර්දේශයන් පදනම් කරගෙනයි සාගර කාරියවසම් මහතා සිය මන්ත්‍රී වරප්‍රසාද ප්‍රශ්නය නැගුවේ.

කමිටු දෙකේ නිර්දේශ

නවක මන්ත්‍රීවරයකු නිසා ඉලෙක්ට්‍රොනික ඡන්ද ක්‍රමය පිළිබඳ අලි ෂබ්රි අමාත්‍යවරයාට අවබෝධය මදි කම මත ඔහුට ඡන්දය දීමට නොහැකි වී ඇති බවයි එම කමිටු පෙන්වා දී තිබෙන්නේ.

ජයරත්න හේරත් මහතා පරිණත දේශපාලනඥයකු වුවද ඔහුටත් ඉලෙක්ට්‍රොනික ඡන්ද ක්‍රමය පිළිබඳ තිබෙන තාක්ෂණය ගැන අවබෝධය මදි කමත් ,ඉලෙක්ට්‍රොනික ඡන්ද ක්‍රමය මගහැරුණු මන්ත්‍රීවරයෙකුට අත ඉස්සීමෙන් ඡන්දය ප්‍රකාශ කිරිමේ අයිතිය තිබෙන අතර අත උස්සා එසේ ඡන්දය ප්‍රකාශ කිරීමේදීත් හේරත් මන්ත්‍රීවරයා එය හරිහැටි සිදු නොකර ඇති බවයි වාර්තාවේ නිර්දේශයන් හැටියට තිබෙන්නේ.

එම පනතට පක්ෂව ඡන්ද 148 ක් ලැබුණු අතර ආණ්ඩුවට තුනෙන් දෙක නොමැති බවට එහිදී විපක්ෂය ප්‍රකාශ කළ බව පෙන්වා දෙන කාරියවසම් මහතා හරි හැටි ඡන්දය ගණන් කලේ නම් තුනෙන් දෙක එම පනතටද තිබූ බවයි පෙන්වා දෙන්නේ.

කමිටු දෙක විවේචනයට

මෙම නිර්දේශය හෙළා දකිමින් කතා කළ කාරියවසම් මහතා චෝදනා කළේ මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුද මන්ත්‍රීවරුන් පිට වරද පැටවීමට කටයුතු කර ඇති බවයි.

පොදුජන පෙරමුණ මහ ලේකම්වරයා මෙම වරප්‍රසාද ප්‍රශ්නය ඉදිරිපත් කරන අවස්ථාවේ විපක්ෂය බාධා කරමින් සඳහන් කළේ පැවැත්වූ ඡන්දයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ යළි ප්‍රශ්න කළ නොහැකි බවයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 05 August 2021 15:34

Related items