May 18, 2024

පොහොට්ටු ලේකම්ගෙන් තවත් ලිපියක්! මන්ත්‍රීවරයෙක් පක්ෂයෙන් දොට්ට දමයි Featured

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරමින් එම පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් මහතා ලිපියක් මගින් දන්වා තිබෙනවා. 

ඒ අනුව දූෂණ ක‍්‍රියාවක් සිදු කර ඇති බවට චෝදනා ලැබ සැකපිට අත්අඩංගුවට ගෙන සිටින මිහින්තලේ ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති ලලිත් එදිරිසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කි‍්‍රයා කර තිබෙනවා.
 
එල්ලවී ඇත්තේ ඉතාම බරපතළ චෝදනාවක් බැවින් වහාම ක‍්‍රියාත්මක වන පරිදි පක්ෂ සාමාජිකත්වය අත්හිටු වූ බව පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් මහතා ලිපියක් මගින් පසුගිය 02 වනදා ඔහුට දන්වා ඇතැයි වාර්තා වෙනවා.
 
අදාළ චෝදනා පත‍්‍රය ඉදිරියේදී ලැබීමට සලස්වන බවත්, මින් ඉදිරියට නැවත දැනුම් දෙනතුරු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් හෝ එහි සාමාජිකයකු ලෙස හෝ පෙනීසිටීමට කිසිදු හිමිකමක් නොමැති බවත් එම ලිපියෙන් දැනුම් දී තිබෙනවා.
 

Rate this item
(0 votes)

Related items