ශ්‍රී ලංකාවට දකුණින් වූ මුහුදු ප්‍රදේශයේ තරමක ප්‍රබල භූ චලනයක් සිදුවී තිබෙනවා.
මෙහි ප්‍රබලත්වය සටහන් වී ඇත්තේ ඒකක 5.2ක් ලෙසින්.
අදාළ භූ චලනයේ අපි කේන්ද්‍රය සාගර පතුළේ සිට කිලෝමීටර 10ක් පමණ ගැඹුරින් පිහිටා ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කළා.
මේ අතර මෙම භූ චලනයෙන් මෙරටට කිසිදු බලපෑමක් නොමැති බව යි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා ප්‍රකාශ කොට ඇත්තේ.