May 03, 2024

භූ චලනයකින් කුමාරිගම සෙළවෙයි

වික්ටෝරියා වේල්ල ආශ්‍රිතව ඊයේ (16) භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

මෙය සුළු භූ කම්පන තත්ත්වයක් බවයි  භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසන්නේ.

එම කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා පවසන්නේ වික්ටෝරියා වේල්ලට මඳක් පහළින් වූ කුමාරිගම ප්‍රදේශයට මෙය බලපෑ බවයි.

මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද එම කාර්යංශය සඳහන් කළා.

ඊයේ පස්වරුවේ හටගෙන ඇති මෙම චලනය රිච්ටර් මාපකයේ ඒකක 1.94ක ප්‍රබලත්වයකින් යුතු බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත් මේ පිළිබඳව අනිසි බියක් ඇති කර නොගන්නා ලෙසට යි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේ.

එම කාර්යංශයේ සභාපති අනුර වල්පොල මහතා මේ පිළිබඳව මෙලෙස අදහස් දක්වා සිටියා. 

"වික්ටෝරියා වේල්ලට මදක් පහලින් කුමාරිගම කියන ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පන තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. මෙවැනි තත්ත්වයන් ඇතිවීම තුළ ජනතාව බිය වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඩොලමයිට් නිදියක් මත මතයි මේ ප්‍රදේශය පිහිටලා තියෙන්නේ. අපි කරපු සමීක්ෂණ අනුව ඩොලමයිට් කුහර ආශ්‍රිතව තියෙන වා කුහරයන්ට ජලය එක්රැස්වීම තුළ ඇතිවෙත තත්ත්වයක් තමයි තියෙන්නේ. කෙසේවෙතත් වැඩිදුරටත් ඒ ගැන පරීක්ෂණ කරනවා"

Rate this item
(0 votes)
Last modified on Thursday, 17 June 2021 08:14