April 28, 2024

වාහන ආනයනකරුවන්ගෙන් ප්‍රකාශයක්

මීට පෙර දින ගණනකට හෝ මාස කිහිපයකට වරක් සිදු වුණු රථ වාහන මිල ඉහළ යාම මේවන විට දෛනිකව සිදුවීමට පටන්ගෙන ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. 

එම සංගමේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ ප්‍රකාශ කළේ ආනායනය සීමාකර ඇති නිසාත්, ඒ හේතුවෙන් වෙළඳපොළ තුළ වාහන හිඟ වීම නිසාත් මෙවන් තත්ත්වයක් හටගෙන ඇති බවයි. 

එමෙන්ම මෙලෙස දෛනිකව මිල ඉහළ යාම පිළිබඳ දැනගන්නා පුද්ගලයින් එම මිල තවදුරටත් ඉහළ යාමට පෙර වාහන මිලදීගන්නට පෙළඹීම නිසා මිල ඉහළ යාම තවදුරටත් වේගවත් වෙමින් පවතින බව ඔහු පෙන්වා දෙනවා.

මෙම මිල ඉහළ යාම විශේෂයෙන් ජනප්‍රිය වාහන වර්ගවලට බලපා ඇති බව යි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කරන්නේ.

වැගන් ආර්, ටොයෝටා හයිඒස්, ප්‍රිමියෝ සහ මිනි කැබ් ආදිය ඒ අතරවන බව ඔහු පැවසුවා.

එමෙන්ම මෝටර් රථ අළෙවි සැල්වලින් 75%ක් පමණ මේවන විට වසා දමා ඇති බව ඔහු අනාවරණය කරනවා.

මෙවන් තත්ත්වයක් මත රථ වාහන අළෙවි ක්ෂේත්‍රයේ විශාල පිරිසකට රැකියා අහිමි වී ඇති බවත්, රථ වාහන ව්‍යාපාරිකයන්ගෙන් 90%ක් දෙනා බැංකුවලින් ණය ලබාගෙන ඇති බවත්, එම නිසා රථ වාහන ආනයනයට යලි අවසර ලැබෙන තෙක් බැංකුවලින් යම් සහනයක් ලබා දීම සඳහා රජය මැදිහත් විය යුතු බවත් ඔහු අවධාරණය කර සිටිනවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 12 June 2021 06:53