April 26, 2024

විපක්ෂයේ සහාය ඕන කොහොමද: කිරිඇල්ල - මේ විදිහට දෙන්න : අමරවීර

විපක්ෂයේ මන්ත්‍රීවරුන් දඩයම් කරද්දි covid 19 මර්දනයට විපක්ෂයේ සහයෝගය ලබා දෙන්නේ කෙසේදැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන ලදී.

රිෂාඩ් බදුදීන් මහතාව අත්අඩංගුවට ගැනීම මෙන්ම ඔහුට පාර්ලිමේන්තුවට ඒමට අවස්ථාව ලබා නොදීම මුල් කොට ගෙන මෙම ප්‍රශ්නය නැගූ කිරිඇල්ල මහතා එවන් තත්ත්වයක් යටතේ වුවද විපක්ෂයෙන් බලාපොරොත්තු වන්නේ කුමන ආකාරයේ සහයෝගයක් දැයි අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවෙන් අසන ලදි.

එහෙත් ඊට ඒ අවස්ථාවේ ආණ්ඩුවේ කිසිදු නියෝජිතයකුගෙන් පිළිතුරක් නොලැබුන ද කිරිඇල්ල මහතාගෙන් පසු සභාව ඇමතූ මහින්ද අමරවීර අමාත්‍යවරයා විපක්ෂයෙන් ආණ්ඩුවට ලැබිය යුතු සහයෝගය කුමක්දැයි සඳහන් කරන ලදී.

ඒ ආණ්ඩුව covid 19 මර්දනයට ගෙන යන කටයුතු සම්බන්ධයෙන් තැන තැන විවේචන නොකර, කතා නොකර සිටින ලෙසත් එම සහයෝගය පමණක් ලබා දෙන ලෙසත් විපක්ෂයෙන් ඉල්ලා සිටින ලදී

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 05 May 2021 11:16

Related items