May 08, 2024

ජනපති ගෝඨාභයව පැත්තකට කර තියන්න බෑ - පොහොට්ටු සන්ධානයේ සභාපති ධූරය ගෝඨාභයට දෙන්න

සියළු පක්‍ෂ නියෝජනය වන සන්ධානයේ සභාපති ධුරය ජනාධිපතිතුමාට සුදුසු බව අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පක්ෂයේ යම්කිසි දේශපාලන වගකීමක් තිබිය යුතු බව තමාද පවසන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එසේ නොවුණහොත් රාජ්‍ය පාලනයට ලැබිය යුතු දේශපාලන පෝෂණය ජනාධිපතිවරයාට නොලැබෙන බවත් දේශපාලන පක්ෂයක තනතුරක් දැරීමෙන් ජනාධිපතිතුමා එම දේශපාලන කණ්ඩායම්වල මතවාදයන් තුළින් පෝෂණය වන බවත් හෙතෙම කියා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ආරම්භයේ දී දේශපාලන චරිතයක් නොවන නමුත් දැන් එතුමාට දේශපාලන පරිචයක් අවශ්‍ය බවත් ඒ අනුව පක්ෂයේ නායකත්වය නොව ගෝඨාභය රාජපක්ෂ මහතාට පක්ෂයේ සභාපති ධූරය පිරිනැමිය යුතු බවත් එතුමා පාලකයෙක් පමණක් යැයි කියා පැත්තකට කර තැබීමට නොහැකි බවත් වාසුදේව අමාත්‍යවරයා පැවසීය.

ඒ මහතා මේ බව පැවසූවේ සති අන්ත පුවත් පතක් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී ය.

Rate this item
(0 votes)