May 02, 2024

සාධාරණය ඉටු වනතුරු දිගටම විරෝධය - කළු ඉරිදාවෙන් ආණ්ඩුවට රතු එළියක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටුවන තුරු නොකඩවා විරෝධාතා ක්‍රියාමාර්ගවල නිරතවන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් සඳහන් කරයි.

කොච්ච්කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉදිරිපිට පැවැති සාමකාමි විරෝධතාවයට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියි.

ජාතික භික්ෂු පෙරමුණේ භික්ෂූන් වහන්සේ කිහිප නමක් ද විරෝධතාව සඳහා සහාය ලබාදෙමින් ඊට එක්ව ඇත.

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන්,

” විශේෂයෙන්ම වරදකරුවන් කරලා තියෙන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම වැදගත් වෙනවා. අවංක විමර්ශනයක් කිරීම සඳහා රජය මීටවඩා කැපවීමෙන් කටයුතු කරන්න ඕන කියන එකයි මගේ හැඟීම. මම කල්පනා කළේ අර 6 දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත්කිරීම අවශ්‍ය ද කියන එක. මෙතනදි අවශ්‍ය වෙන්නේ කෙලින්ම ජනාධිපතිතුමා තමන්ට කරන්න තියෙන දේවල් ප්‍රායෝගික මට්ටමින් කරන්නට යොමුවෙන එක. කොටසක් විතරක් තෝරගෙන ඒ අයට විතරක් දඬුවම් කරන්නට කටයුතු කළොත් ඒක වැරදියි. අපිට යම්කිසි සලකුණක් ස්ථීර වශයෙන් ලැබෙන තුරු මේ විරෝධතා ව්‍යාපාරය දිගටම පවත්වාගෙන යනවා අනිකුත් ආගමික සංවිධානත් සම්බන්ධ කරගෙන. මේ මුළු රටේම ජනතාවට බලපාපු ප්‍රශ්නයක්,”

Rate this item
(0 votes)
Last modified on Monday, 08 March 2021 12:16

Related items