April 26, 2024

කොවිඩ් මර්දනයට, එන්නත 70% කටවත් දෙන්න ඕන - ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් දෙන්නෙ 20% කට

කොවිඩ් 19 මර්දනය කිරීම සඳහා ජනගහනයෙන් 70% කටවත් එන්නත ලබා දිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ විශේෂඥ නියෝජිත විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා හෙළිදරව් කරයි.

කොවිඩ් 19  මර්දනය සදහා ෆයිසර් සහ ෆයිසර් සහ ඇස්ට්‍රන්සෙනිකා යන එන්නත් 2ක සුදුසු බව විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පෙන්වා දෙයි.

මේ අතරින් ෆයිසර් එන්නත වියදම් වැඩි එන්නතක් බව පෙන්වා දෙන අබේකෝන් මහතා ශ්‍රී ලංකාවට ලැබෙන්නේ ඉන්දියාවේ නිපදන එන්නත බවද  තහවුරු කරයි.

එම එන්නත මේ වන විට ඉන්දියාව සිය අසල්වැසි බංග්ලාදේශය හා මියන්මාරයට ද ලබාදී තිබෙන බව ද අබේකොන් මහතා සඳහන් කරයි.

එන්නත ලබා දුන්නද සුපුරුදු සෞඛ්‍යය පුරුදු අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු බව ද අබේකෝන් මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය මැදිහත් වෙන්නේ ලංකාව ඇතුළු තුන්වන ලෝකයේ රටවල ජනගහනයෙන් 20% කට පමණක් එන්නත ලබාදීමට බවට ද අබේකොන් මහතා පෙන්වා දෙයි.

එන්නත් කිරිම  අතින් ශ්‍රී ලංකාව ඉතා ඉහළ මට්ටමක සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද තහවුරු කර තිබෙන බව ද අබේකොන් මහතා තහවුරු කරයි.

Rate this item
(0 votes)