April 26, 2024

ආරවුල දුරදිග යයි: මෝටර් රථයකට කාන්තාවක් යට කර ඝාතනය කරයි - සැකකරු සියල්ල පාපොච්චාරණය කරයි

මතුගම - වැලිමානාන ප්‍රදේශයේදී කාන්තාවක් මෝටර් රථයකට යට කර පළා ගිය  සැකකරු පොලීසියට භාර වී තිබේ.

අද පෙරවරුවේ නීතිඥවරයෙකු සමඟ මතුගම පොලීසියට පැමිණ මොහු පාපොච්චාරණයක් සිදුකර ඇති බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.

අවමංගල්‍ය අවස්ථාවකදී ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් සැකකරු විසින් මෝටර් රථයකට යට කර අද අලුයම මෙලෙස ඝාතනය කර තිබුණේ 62 හැවිරිදි කාන්තාවක්.

කෙසේ වෙතත් පොලීසියට භාර වීමෙන් පසු සැකකරු පවසා ඇත්තේ මිය ගිය කාන්තාවගේ බෑණනුවන් යට කිරීමට මෝටර් රථය ධාවනය කළ අවස්ථාවේ ඊට කාන්තාව යට වී මිය ගිය බවයි.

Rate this item
(1 Vote)

Related items