April 26, 2024

ප්‍රභූ ආරක්ෂාව ඉවත් කරයි - ඇමැති සරත්ගෙන් අලුත් නියෝගයක්

ප්‍රභූ ආරක්ෂාවට යොදවා සිටින පොලිසියේ හතළිස් හතර​ දහසක් ඉන් ඉවත්කර ඒ වෙනුවට සිවිල් ආරක්ෂක බළකාය යෙදවීමට පියවර ගෙන තිබේ.

ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කරන්නැයි මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර ​පොලිස්පතිවරයාට නියෝග කර ඇතැයි වාර්තා වේ.

පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා හා ඇමැතිවරයා අතර පැවැති සාකච්ඡාවකදී මෙම උපදෙස් ලබාදී තිබේ.

මේ අනුව කොටස් වශයෙන් ප්‍රභූ ආරක්ෂාවට සිටින කණ්ඩායම් යළි පොලිස් සේවයට කැඳවන බවත්, පළමු අදියරේදී ප්‍රභූවරුන්ගේ නිවෙස්වල සිටින පිරිස කැඳවීමට පියවර ගන්නා බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශ්‍ය පවසයි.

ඒ වෙනුවට සිවිල් ආරක්ෂක බළකායේ විශේෂ පුහුණුවලත් ‘‘නන්දිමිත්‍ර බළකාය" වැනි කණ්ඩායම්වලට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධව පුහුණුවක් දී ප්‍රභූ ආරක්ෂාවට යෙදවීමට නියමිතය.

පොලිසියේ අසූදහසෙන් හතළිස් හතර දහසක්ම විනිශ්චයකාරවරුන්, මැති ඇමැතිවරුන් හා හිටපු ඇමැතිවරුන්ගේ ආරක්ෂාවට පමණක් යොදවා සිටින බව හෙළිවී තිබේ.

Rate this item
(1 Vote)

Related items