April 27, 2024

විමල් වීරවංශ පෙති විශාරදයෙක් - අපි ඒක පසුගිය කාලයේ දැක්කා : මේ සභාවේ සමහරෙකුත් ඒ පෙත්ත ගහලා

December 02, 2020

මහර බන්ධනාගාර සිද්ධියේදී මියගිය 11 දෙනාගේ නම් ආණ්ඩුව මේ වන විටත් හෙළිදරව් නොකිරීම එම ගිය ගිය පුද්ගලයන්ගේ පවුල්වලට කරන අසාධාරණයක් බව නලින් බණ්ඩාර විපක්ෂයේ මන්ත්‍රී වරයා පාර්ලිමේන්තුවේදී පෙන්වා දෙන ලදී.

ආණ්ඩුව මිය ගිය පුද්ගලයන්ගේ නම් එළිදරව් නොකරන්නේ මෙම සිද්ධියෙන් 11 දෙනෙකුට වඩා මියගොස් සිටින නිසා බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මහර බන්ධනාගාරය තුළ ඇප ලබා ගෙදර යෑමට සිටි පිරිස් සිටි බවද පෙන්වා දෙන මන්ත්‍රීවරයා කොවිඩ් හේතුවෙන් ඔවුන්ට ගෙදර යෑමට අවස්ථාව ලබා නොදුන් බවද අවධාරණය කරන ලදී.

විමල් වීරවංශ මහතා මහර බන්ධනාගාර සිද්ධිය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් බවත් සිද්ධියට සම්බන්ධ වූ සිරකරුවන් පෙත්තක් ගසා සිටි බවත් අනාවරණය කරන බව පෙන්වා දෙන නලින් බණ්ඩාර මහතා විමල් වීරවංශ මහතා පෙති සම්බන්ධයෙන් විශාරදයකු බවද ඒ බව පසුගිය කාලයේ දැකගන්නට ලැබුණු බවද සඳහන් කරන ලදී.

මහර බන්ධනාගාර සිද්ධිය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් නොව මෙරට කුමන්ත්‍රණයක් බව සඳහන් කරන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සභාවේ සිටින ඇතැම් මන්ත්‍රීවරුන්ද "සරප් පෙති" ගසා සිටින බවද පෙන්වා දෙන ලදී.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 02 December 2020 16:21

Related items