May 09, 2024

නලින් බණ්ඩාරට දරුවෙකුගෙන් එස්.එම්.එස් එකක් - ප්‍රශ්න වැලකුත් අහලා

December 01, 2020

රටේ කොවිඩ් අර්බුදය පවතින අවස්ථාවේ  පාසල් විවෘත කර ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නලින් බණ්ඩාර මහතා අද (01) දිනයේ දී පාර්ලිමේන්තුවේදී පැවසීය.

අද උදෑසන තමන්ට ගලෙන් බිඳුනුවැව ප්‍රදේශයේ චානුක දිල්ෂාන් නම් දරුවෙකු විසින් එස්.එම්.එස් පණිවිඩයක් එවූ බව මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේය.

එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ “ඒ දරුවා මගෙන් අහනවා අධ්‍යාපන බලධාරීන්ට තේරෙන්නේ නැද්ද කියලා අහනවා, මේ පාර්ලිමේන්තුවේ ඉන්න ඔබතුමාලාට තේරෙන්නේ නැද්ද කියලා අහනවා” යනුවෙනි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය ලියන එම දරුවා විසින් “පහසුකම් නැතුව පාසල් ඇරලා මොකක්ද මේ ආණ්ඩුව කරන්න යන අවදානම” යනුවෙන්ද අසා සිටි බව මන්ත්‍රීවරයා සඳහන් කළේය. 

එමෙන්ම “06 ඉඳන්ම ඇයි පාසල් ඇරියේ අංකල්, 11,12,13 විතරක් ඇරියාම ඇති නේද ” යනුවෙන්ද අසා සිටි බවද නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා පවසා සිටියේය.

එම සිදුවීම සත්‍යයක් සිදුවීමක් බවත්, එම දරුවා සංවේදිව එය අසා සිටි බවද මන්ත්‍රීවරයා පැවසීය.

පාසලේ සිටින ගුරුවරුන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ලබා දීමට ප්‍රමාණවත් සම්පත් නොමැති බවත්, අත්‍යවශය අයව විතරක් ගෙන්වන්නේ නැත්තේ ඇයි යනුවෙන්ද  එම දරුවා විසින් තමන්ගෙන් අසා සිටි බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පෞද්ගලික පන්ති කරන්න නොදී පාසල් පමණක් අරින්නේ ඇයිද යන්නත්, වෙඩින් එකකට 50කට නම් සීමා කරලා තියෙන්නේ පාසල් අරින්නේ ඇයි යනුවෙන්ද එම දරුවා තමන්ගේ ප්‍රශ්න කර සිටි බවද මන්ත්‍රීවරයා අවධාරණ කළේය.

මෙවැනි කරුණු රාශියක් එම දරුවා තමන්ගෙන් ආසා සිටි බව පැවසූ මන්ත්‍රීවරයා කියා සිටියේ අද පාසල් විවෘත කර තිබෙන්නේ අවිද්‍යාත්මකව බවයි.

Rate this item
(0 votes)

Related items