May 09, 2024

"ඩයනාට සමගි ජන බලවේගයේ බලයක් නැහැ - එයාට පක්ෂය හසුරුවන්න බැහැ" - නලින් බණ්ඩාර

අද (27) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කර සිටියේ ඩයනා ගමගේ හට සමගි ජන බලවේගය හසුරවන්න බලතල නොමැති බවයි.

ඔහු එහිදී සඳහන් කර සිටියේ අපේ ජාතික පෙරමුණ පක්ෂයේ නම සහ නිලධාරී මණ්ඩලය වෙනස් කරමින් සමගි ජන බලවේගය නිර්මාණය කළ බවයි. නමුත් පක්ෂයේ ලකුණ වෙනස් කිරීමට උත්සාහ කළද කාලය ප්‍රමාණවත් නොවීම නිසා එය කිරීමට නොහැකි වූ බවද ඔහු පැවසීය.

දැන් පක්ෂයේ නම සමගි ජන බලවේගය බවත් අපේ ජාතික පෙරමුණ නමින් පක්ෂයක් නොමැති බවද නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර බවත්, පක්ෂයේ නායකයා සජිත් ප්‍රේමදාස බවත් ප්‍රධාන නිලතල 10ක් සමගි ජන බලවේගයේ සාමාජිකයන් දරණ බවත් ඉන් එක් නිලතලයක් පමණක් ඩයනා ගමගේ මහත්මියට හිමිව ඇති බවද නලින් බණ්ඩාර මහතා මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

10න් එක තනතුරක් පමණක් දරණ ඩයනා ගමගේ පක්ෂය හසුරුවන්නේ කෙසේදැයි නලින් බණ්ඩාර මහතා මෙහිදී අසා සිටියේය.

ඩයනා ගමගේ ස්වාමිපුරුෂයා වන සේනක ද සිල්වා ද ප්‍රධාන තනතුරු 10න් එකක් වන උප සභාපති තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මීට සති දෙකකට පමණ පෙර පක්ෂයේ මහලේකම්වරයාට ලබා දී ඇති බවද ඔහු පැවසීය.

අපි හදපු සමගි ජන බලවේගයේ කිසිම බලයක් ඩයනා ගමගේ හට නොමැති බවද එක් ප්‍රධාන තනතුරක පමණක් ඇය සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ආණ්ඩු පක්ෂය විසින් කරන චෝදනාවල වලංගු භාවයක් නොමැති බවද ඔහු ප්‍රකාශ කළේය.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 27 October 2020 14:00

Related items