April 20, 2024

ඩයනා ඇදගෙනම නා ගනී : මැතිණි අවුරුදු 17 ක් ගෙදර ඉන්න කළ දේ කරන්න යෝජනා කරයි (VIDEO)

ඩයනා ගමගේ මන්ත්‍රීවරිය අද (21) පාර්ලිමේන්තුවට මතභේදාත්මක යෝජනාවක් ගෙනාවා.

ඒ ජනපතිවරයාගේ දුර කාලය තවත් වසර දෙකකින් වැඩි කිරීමට.

අහිමි වූ වසර දෙක

කොවිඩ් වසංගතය හේතුවෙන් ජනපතිවරයාට වසර දෙකක් අහිමි වුන බව පෙන්වා දුන් ඇය ජනපතිවරයාට එම නැති වූ අවුරුදු දෙක පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් ලබා දිය යුතු බව සඳහන් කළා.

එම යෝජනාව තමා දැන් කරන බව සඳහන් කළ ඇය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් එය සම්මත කර යුතු බවයි පෙන්වා දුන්නේ.

ගමගේ මන්ත්‍රීවරියගේ යෝජනාවට අනුව ජනපතිවරයාගේ ධූර කාලය අවසන් විය යුත්තේ 2024 දී නොව 2026 දී.

පාර්ලිමේන්තුවේ ධුර කාලය

එපමණක් නොව පාර්ලිමේන්තුවේ ධූර කාලයද වසර දෙකකින් දික් කළ යුතු බවද ඇය යෝජනා කළේ කොවිඩ් වසංගතය හේතුවෙන් පාර්ලිමේන්තුවටද අවුරුදු දෙකක කාලයක් අහිමි වූ බව සඳහන් කරමින්.

ඇයගේ යෝජනාවට අනුව පාර්ලිමේන්තුවේ කාලය අවසන් විය යුත්තේ 2025 නොව 2027 දී.

දික් කිරීමට හේතුව

එසේ අවුරුදු දෙකකින් ජනපතිවරයාගේ හා පාර්ලිමේන්තුවේ කාලය දික් කිරීමෙන් ඉතිරි අධිවේගී මාර්ග ටිකත් සදා නිම කරන්නට හැකි බව බව පෙන්වා දුන්නේ හැමදාම අධිවේගී මාර්ග හැදුවේ රාජපක්ෂලාගේ පාලන කාලය තුළ බව සඳහන් කරමින්.

ඩයනා ගමගේ මන්ත්‍රීවරිය මෙම යෝජනා දෙක කළේ ජනපතිගේ රාජාසන කතාව සම්බන්ධයෙන් වූ විවාදයට එක්වෙමින්.

කොවිඩ් නිසා තමාගේ ධූර කාලය වසර දෙකකින් දික් කර ගන්නා ලෙස මහනුවරදී තරුණයකු තමාට යෝජනා කළ බව ජනපතිවරයා සියබලාආණ්ඩුවේ පැවති රැස්වීමකදී සඳහන් කළා.

ඩයනා ගමගේ මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළේ ජනපතිවරයාගේ එම කතාවේම දිගුවක්.

සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියද 1970 වසර 5 කට බලයට පත් වූ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්ත මත තවත් වසර 2 කින් දික් කොට 1977 දක්වා බලයේ සිටියා.

එසේ බලයේ සිට සිට 1977 ජූලි මස පැවැත් වූ මහ මැතිවරණයේදී ආසන 8 ට බැස අන්ත පරාජයක් ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 1994 දක්වා වසර 17 ක් බලයක් ගැනීමට නොහැකිව විපක්ෂයේම සිටීමට සිදු වූයේ එම මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය හයෙන් පහක මන්ත්‍රී බලයක් පාර්ලිමේන්තුවේ ජයග්‍රහණය කිරීම හේතු කොටගෙනයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 21 January 2022 17:37