ඊයේ (21) තෙක් සිංහයෙක් වගේ සිටි විමල් විරවංශ මහතා අද බලු වී සිටින්නේ ඊයේ (21) ආණ්ඩුව නියෝජනය කරන ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයාගේ පහර කෑමෙන් පසු බව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.
ඊයේ (21) වන තෙක් ද්විත්ව පුරවැසිභාවයට එරෙහිව සිංහයෙකු සේ නැගී සිටි විරවංශ මහතා අද (22) වන විට ඊට පක්ෂව කතා කරන්නේ එම පහර කෑමෙන් ඇති වූ කම්පනය නිසා බවද ප්‍රකාශ කරයි.
විමල් විරවංශ මහතාගේ කතාවෙන් පසු පාර්ලිමේන්තුව ඇමතු නලින් බණ්ඩාර මහතා මෙම අදහස් පළ කළේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් විවාදයට එක්වෙමිණි.
සබැඳි පුවත් - පාර්ලිමේන්තුවේ ගෝරියක් - බැසිල්ගේ ගෝලයා විමල්ට අත උස්සයි