May 08, 2024

මහජන ආරක්ෂක ඇමතිට කිරි අම්මා යැවූ කෙටි පණිවිඩය

ඊයේ (09) දිනයේ පැවැති බොහෝ මාධ්‍ය හමුවලදී මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාට විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් දැඩි චෝදනා එල්ල කර සිටියා.

එලෙස විරෝධතාවය දැක්වීමේ අරමුණින් සමගි ජන බලවේගය විසින් කොළඹ නිදහස් චතුරස්‍රය පරිශ්‍රයේ දී විරෝධතාවයක් ද සංවිධානය කර තිබුණා.

ඊයේ (09) පැවැති මාධ්‍ය හමුවකදී ස.ජ.බ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින්ද මේ පිළිබඳව අදහස් ප්‍රකාශ කර තිබුණා.

එහිදී ඔහු කියා සිටියේ මෙවන් කතාවක්,

“පියුමි හංසමාලිව අත්අඩංගුවට ගත්තාම අරන් ගියේ බණ්ඩාරවෙලට..චිල් එකේ කූල් එකේ බණ්ඩාරවෙල ඉන්න පුළුවන් නිසා.. අනේ මඟින් කෝල් කරපුවාම පියුමි හංසමාලි, අපේ ඇමතිතුමා බස් එක හරවලා ඇඳුම් ටිකත් පටවලා ඒ අවශ්‍යය මේකප් සෙට් පටවලා ඇරියා..”

එමෙන්ම මන්ත්‍රීවරයා විසින් තමන්ට දැනගන්න ලැබුණු කතාවක් පිළිබඳවද මාධ්‍ය ඉදිරියේ පවසා සිටියේ මෙලෙසයි,

“මට ආරංචි කිරි අම්මා කෙනෙක් කෝල් කරලා තිබුණා ඇමතිතුමාට.. ෆෝන් එක ආන්සර් කරලා නැහැ.. අන්තිමට මැසේජ් එකක් ගහලා තියෙනවා පුතේ මට චීත්තයක්වත් එවපිය කියලා..අනේ රිප්ලයි නැත..”

පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයේ සිය පක්ෂය විසින් ද විරෝධතාවයක් දියත් කළ බවත්, එම අවස්ථාවේ තමන් ඇතුළු මන්ත්‍රී කණ්ඩායමත් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන්නට තිබූ බවද නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා විසින් පවසා සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශේෂත්වයක් කර තිබෙන්නේ ඇයිදැයි යන්නද එහිදී නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා විසින් වැඩිදුරටත් විමසා සිටියා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 10 July 2021 01:58

Related items