April 28, 2024

කතානායක ආණ්ඩුවට කඩේ යනවා යැයි චෝදනා කරමින් ආරම්භයේ ම කතානායක සහ විපක්ෂය පැටලෙයි

November 21, 2020

කතානායකවරයා පාර්ලිමේන්තු සම්ප්‍රදායන් කඩ කරන බවට සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී චෝදනා කරන ලදී.

කනායකවරයා ස්ථාවර නියෝගවලට පටහැනිව කටයුතු කරන බවද පෙන්වා දුන් මන්ත්‍රීවරයා ස්ථාවර නියෝග සහ මන්ත්‍රී වරප්‍රසාද පිළිබඳව නොදන්නේ නම් ඒ සම්බන්ධව පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන් අසා විමසන ලෙසද කතානායකවරයාට දැනුම් දෙන ලදී.

ඒ හැරුණු කොට විපක්ෂය පාර්ශවයෙන්ම අදහස් දැක්වූ රංජිත් මද්දුමබණ්ඩාර මහතාද සඳහන් කළේ කතානායකවරයාට පෞද්ගලික තීන්දු ගත නොහැකි බවත් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා පෙන්වා දුන් කරුණක් කතානායකවරයාගේ අදහසක් ලෙස ඉදිරිපත් කිරීම ඉතා කනගාටුදායක බවය.

මෙම තත්ත්වය ඇති වූයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොවිඩ්-19 ට ප්‍රතිකාර ලෙස ඇන්ටිජෙන් එන්නත පිළිබඳව පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රශ්න කිරීමක් කතානායකවරයා විසින් වැළැක්වීමත් සමඟය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වමින් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ කතානායකවරයා හැටියට “ඔබ ආණ්ඩුව රකින්න කටයුතු කරන එක වැරදි” කියාය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 21 November 2020 10:56